මහජන ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් චීනයේ බීජිං අගනුවර ඩ්‍රෝන යානා සම්බන්ධ නීති දැඩි කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. චීනයේ ඇතැම් නගරවල ආහාර බෙදා හැරීම, කෘෂිකර්මාන්තය සහ ගොඩනැගිලි පිරිසිදු කිරීම වැනි කටයුතු සඳහා ඩ්‍රෝන යානා බහුලව භාවිත කළ ද, අගනුවර ආරක්ෂාව වෙනුවෙන් මෙම නව සීමා පනවා ඇත.
බීජිං අගනුවර තුළ ඩ්‍රෝන යානා සහ ඒවායේ කොටස් විකිණීම, කුලියට දීම හෝ නගරයට රැගෙන ඒම සම්පූර්ණයෙන් තහනම් වේ. ඩ්‍රෝන යානා පියාසර කිරීම සඳහා විශේෂ බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය කර ඇති අතර, සියලුම ඩ්‍රෝන හිමිකරුවන් තම උපාංග පොලිසියේ ලියාපදිංචි කළ යුතු බව නව නීතිවල දක්වා ඇත.














