බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට අග්‍රහාර රක්ෂණ පහසුකම් ලබා දීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීම බත්තරමුල්ල රන්මඟපාය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී සිදු වී තිබේ.
බස්නාහිර පළාත් ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කොමදෝරු ගාමිණි ජාසිංහ සහ ජාතික රක්ෂණ භාර අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරි යුෂාන් තරංග අබේකෝන් යන මහත්වරුන් විසින් මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර, මේ හරහා සේවක සුබසාධනය හා සුරක්ෂිතතාව තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.














