• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ලංකාවට බැරි වුණ දේ ඇමෙරිකාව කරලා

1 July 2018
in ක්‍රීඩා

ලංකාවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවට කිරීමට නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් විසින් සිදු කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කටයුතු සදහා චීන සමාගමකින් මුදල් ලබාගත් බවට ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිමිස් පුවත්පත පළ කළ පුවත සම්බන්ධයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (30) පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය.

“නිව්යෝර්ක් ටයිමිස් පුවත්පත ඉතාම ජනප්‍රිය පුවත්පතක්. එම පුවත්පත ආවාට ගියාට ප්‍රවෘත්ති පළ කරන්නේ නැහැ. සියලු තොරතුරු සොයාගෙන තමයි ප්‍රවෘත්ති පළ කරන්නේ. එම පුවත වැරදි පුවතක් නම් පිළිතුරක් එවන ලෙස නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුනා. නමුත් මේ වන තුරු හිටපු ජනාධිපතිවරයා පිළිතුරක් ලබා දී නැහැ. ලංකාවේ පළ වන පුවත්පත් වලට ප්‍රකාශ ලබා දීලා වැඩක් නැහැ. නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතට ප්‍රකාශය ලබාදිය යුතුයි. එම පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියේ අදාල චෙක්පත් අංක, මුදල් ලබාදුන් පුද්ගලයින්, බැංකු සදහන් කර තිබෙනවා. භික්ෂූන් වහන්සේ නමකටත් මුදල් ලබා දී තිබෙනවා. එලෙස මුදල් ලබා නොදුන් බවත්, එම පුවත වැරදි බවත් හිටපු ජනාධිපතිවරයා දැනුම් දිය යුතුයි. අදාල චින සමාගම වත් එම පුවත ප්‍රතික්ෂේප කර නැහැ. හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ සිදු වූ දුෂිත ගණූදෙනු වලින් සුළු ගණුදෙනුවක් තමයි මේ වන විට එළියට ආවේ. ලංකාවේ මුල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවට කිරීමට නොහැකි වූ දෙයක් ඇමරිකාවේ පත්තරයක් විසින් සිදු කර තිබෙනවා. එම ප්‍රවෘත්තියෙන් අපට ඉගෙන ගැනීමට ගොඩක් දේවල් තිබෙනවා. දුෂිත ගණූදෙනු වලට සම්බන්ධවූවන්ට නඩු පැවැරීමට අපේ නීතිපති දෙපාර්තමේන්තුවටත් කාලයක් ගත වුනා. පසුගිය රජය සමයේ සිදු වූ හොරකම්, මනුෂ්‍ය ඝාතන වල සියලු තොරතුරු දැන් ටික ටික එළියට එනවා. මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයෙක්. එතුමා හන්දි ගානේ මයික්‍රෝෆෝන වලට උත්තර නොදී නිව්යෝර්ක් ටයිමිස් පුවත්පතට අදාල කරුණු දැක්වීම කළ යුතුයි.”

“මම අද උදෑසන දැක්කා මාධ්‍යයේ පළ වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද ප්‍රකාශ කරනවා නිව්යෝර්ක් ටයිම්ස් පුවත බොරුවක් කියලා. මම කියන්න කැමැතියි එම මන්ත්‍රිවරයා ගැන කථා කරලා වැඩක් නැහැ. ඔහු නිව්යෝර්ක් ටයිම්ස් කියලා පුවත්පතක් තියෙනවා ද කියලාවත් දන්නේ නැතුව ඇති. කියවලත් නැතුව ඇති” යැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 13
Previous Post

කලින් අය කරපු වැරදි කරන්න එපා

Next Post

වැඩ කරනකොට මිඩියාවලින් අපිට ගහනවා

editor

editor

Next Post

වැඩ කරනකොට මිඩියාවලින් අපිට ගහනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved