• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විදුලි මාෆියාව කරන්නේ කවුද? සංජීව ධම්මිකගෙන් හෙලිදරව්වක්

2 September 2020
in දේශීය

මෙරට විදුලි මාෆියාව දිර්ඝ කාලයක් තිස්සේ පැවැතගෙන එක දෙයක් බවත් එයට විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරුවන් වගේම විදුලිබල මණ්ඩලයත් සමග එකට ක්‍රියා කරන පුද්ගලික බලාගාර හිමි ව්‍යාපාරිකයෝ ද මේ විදුලි මාෆියාවට වගකියන්න ඕන බව , විදුලි පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (01) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී සංජීව ධම්මික මහතා මෙසේ අදහස් පල කළේය ” පාර්ලිමේන්තුවෙන් අණපනත් සම්මත කරපු මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමත කරපු ව්‍යාපෘති සියල්ලම මගහැරලා තමයි පහුගිය අවුරුදු හය තුළ වගකිවයුත්තන් ක්‍රියා කළේ . විශේෂයෙන් මෙගා වොට් 300 එල් එන් ජී විදුලි බලාගාරයක් 2009 ජනවාරි මාසයේ විවෘත කිරීමට නියමිතව තිබුණත්, ව්‍යාපෘතියෙ ටෙන්ඩර් ප්‍රදානය වසර තුනකින් පස්සට ගිහින්. ඒ වගේම මෙගාවොට් 35 බැගින් ගෑස් ටර්බයින දෙකේ ටෙන්ඩර් කිරීම වසර තුනක් ප්‍රමාදයි,මෙගා වොට් 320 ඉන්ධන බලාගාර දෙකේ ටෙන්ඩර් කිරීම වසර දේකේ සිට පහ දක්ව ප්‍රමාදයි , මෙගා වොට් 35 බ්‍රොඩ්ලෑන්ඩ්ස් ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම වසර දෙකක් ප්‍රමාදයි, මෙගා වොට් 120 උමා ඔය ජල විදුලි බලාගාරයේ ඉදිකිරීම් අවසන් කිරීම වසර දෙකක් ප්‍රමාදයි, මෙගා වොට් 100 මන්නාරම සුළං බලාගාරයේ ඉදිකිරීම් කටයුතු අවසන් වී නෑ ,වසර දෙකක් ප්‍රමාදයි, නමුත් මේවා සියල්ල 2018 , 2019 වර්ෂ වළ වැඩ නිමවීමට නියමිතව තිබු කැබිනට් අනුමැතිය ලැබුණු ව්‍යාපෘති.මේ සියල්ල ප්‍රමාද කරන්නේ විදුලිබල මණ්ඩලය නිලධාරීන්,ඔවුන් මේ වන විට ඩීසල් මාෆියාවත් සමඟ සම්බන්ධයි.

පුද්ගලික බලාගාර තවමත් ක්‍රියාකාරී වෙමින් පවතිනවා.අදාල නිලධාරීන්ම තමයි ඒ සියල්ල අනුමත කරන්නේ.විදුලිබල අමාත්‍යවරයාට හැකියාව තියෙනවා මේ සම්බන්ධව සොයා බලා නීතිමය පියවර ගන්න.විශේෂයෙන් සූර්ය බලය මගහැර ක්‍රියා කිරීම හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදු වුණා. වත්මන් ජනාධිපතිතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තියෙනවා 2030 පුනර්ජනනීය ශක්තිය 80% තිබිය යුතු බව. නමුත් අදාල නිලධාරීන් ගල් අඟුරු බලාගාරයක් ස්ථාපිත කිරිමේ වෑයමක නිරත වෙනවා. එහෙම කළහොත් දැනට පවතින 40% පුනර්ජනනීය බලශක්තිය 30% ට අඩු වෙනවා. අපි අභියෝග කරනවා විදුලි ඉංජිනේරුවන්ට ගල් අඟුරු බලාගාර හදලා 80% ඉලක්කයට යා හැකි ආකාරය රටට හෙළි කරන්න කියලා.කෝප් කමිටු වාර්තාවක තිබුණා පසුගිය කාලයේ විදුලිබල අමාත්‍යාංශයේ සිටි ලේකම්වරයා පනතේ විධිවිධාන වරදවා තේරුම්ගෙන ඇති බව.එතකොට අපි අහනවා පහේ පන්තියේ තොත්ත බබාලාද අමාත්‍යාංශයේ ලේකම් වරු හැටියට වැඩ කරන්නේ කියලා.අමාත්‍යවරයාට හැකියාව තියෙනවා විශේෂයෙන් මෙම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දීමට සහ රජයට සිදුවී ඇති පාඩුව පිළිබඳව සී.අයි.ඩී එකට දන්වන්න. අපි අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා කොවිඩ් වසංගතය නිසා අපහසුතාවයට පත්වූ ජනතාව සේම ව්‍යාපාරිකයන්ද තව තවත් අපහසුතාවයට පත් නොකරන ලෙස. යැයි සංජීව ධම්මික මහතා වැඩිදුරටත් අදහස් පල කර සිටියේය. 

 

 

Post Views: 8
Previous Post

20 වන ව්‍යවස්ථා සංශෝධනයට ජනමතය අවශ්‍ය නොවේ. – නීතිපති

Next Post

ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

editor

editor

Next Post

ගැටළු නැති ඉඩම්වලට මාස 03ක් ඇතුළත ඔප්පු - ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved