ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන යායිර් නෙතන්යාහු (Yair Netanyahu) විසින් සිය නීත්‍යානුකූල නම “යොනතන් හුන්” (Yonatan Hun) ලෙස නිල වශයෙන් වෙනස් කර ඇති බව ඊශ්‍රායලයේ ‘Haaretz’ පුවත්පත ඇතුළු ප්‍රධාන මාධ්‍ය ආයතන වාර්තා කරයි. එරට බදු අධිකාරියේ සහ රජයේ නිල ලේඛනවල ඔහුගේ පැරණි ජාතික අනන්‍යතා අංකය යටතේම මෙම නව නම ලියාපදිංචි කර තිබේ. ආරක්ෂක සහ පුද්ගලික රහස්‍යභාවය රැකගැනීම වෙනුවෙන් ඔහු මෙම පියවර ගෙන ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඔහු තෝරාගෙන ඇති “යොනතන්” යන නම එන්ටෙබේ (Entebbe) වැටලීමේදී මියගිය ඔහුගේ සුප්‍රකට මාමා කෙනෙකු සිහිපත් කිරීම සඳහා යොදාගෙන ඇති අතර, “හුන්” යනු ඔහුගේ මවගේ පාර්ශ්වයේ සීයාගේ මුල් පවුලේ වාසගමයි. මෙහි ඇති වඩාත්ම කැපී පෙනෙන කරුණ වන්නේ රාජ්‍ය ලේඛනවල ඔහුගේ ස්ථිර ලිපිනය ලෙස ප්‍රායෝගිකව නොපවතින “Balfour 0” (බැල්ෆෝර් 0) යන ව්‍යාජ ලිපිනය සටහන් කර තිබීමයි. නෙතන්යාහු පවුලේ සාමාජිකයින් විදේශගතව සිටින විට හෝ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස නම් වෙනස් කළ පළමු අවස්ථාව මෙය නොවන අතර, මීට පෙර ඔහුගේ සහෝදරයා වන ඇව්නර් ද විදේශයක පදිංචිව සිටියදී රහස්‍යභාවය වෙනුවෙන් සිය නම වෙනස් කර තිබුණි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
















