• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එහාට මෙහාට පැනපු අයයි …! ජවිපෙ කියයි

14 January 2019
in දේශීය

මැතිවරණයක් පැවැත්වීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් කියන්නේ ක්‍රියාවන් දෙකක් බවත් මැතිවරණයක් පැවැත්වීම සහ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අතරේ කිසිම සම්බන්ධයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අප සැමගේම අදහස් ඇති බවයි. නමුත් වර්තමාන පාර්ලිමේන්තුව ඡන්ද දායකයන්ගේ සැබෑ නියෝජිතයන් පිළිබිඹු නොකරන බවත් ඔවුන් එහෙට-මෙහෙට පැනපු අය ඉන්නේ බව හෙතෙම පැවසිය. ඒ

එහේතුවෙන් මහා මැතිවරණයක් පවත්වලා ජනතාවගේ ඇත්ත නියෝජිතයන් පත්කරගන්න අවස්ථාව දිය යුතු බවත් ඒක අයිති ජනතාවට බව ඔහු අනාවරණ කළේය. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පවතින ආණ්ඩුව බව ද හෙතෙම කියා සිටියේය.

එම අවස්ථාවේදී විජිත් හේරත් මන්ත්‍රීවරයා මාධ්‍ය සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කර සිටියේය “මාධ්‍ය ආයතනවල භාවිතය සම්බන්ධයෙන් බිමල් රත්නායක සහෝදරයා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මක කතාවක් කළේ. පහුගිය දෙසැම්බර් මාසයේ. දින 50ක පරිච්ජේදයේදී. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඔය කතාව කළේ ඊයේ පෙරේදා. පක්‍ෂයක් හැටියට අපිට මේ රටේ මාධ්‍ය භාවිතය ගැන විවේචනයක් තියෙනවා. ඒවගේම සිවිල් සංවිධානවලට සහ ස්වාධීන පුද්ගලයන්ටත් විවේචනයක් තියෙනවා. ඒ මාධ්‍ය භාවිතයන් නුසුදුසුයි නම් විරෝධය පළ කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකුත් තියෙනවා. ඒ විරෝධයන් ගැන එකඟ වෙන්නේ නැත්නම් මාධ්‍ය ආයතනවලටත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කරන්න අයිතියක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තමන්ගේ විරෝධය පළ කිරීමට කාටත් තිබෙන අයිතියට ගරු කළ යුතුයි. මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පළ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ වැඩක් නෙවෙයි. විවිධ සිවිල් සංවිධානවල අය වගේම ස්වාධීන පුද්ගලයන් ඒ විරෝධය පළ කිරීමේ හිටිය බව අපි දැක්කා. යැයි මන්ත්‍රීවරයා අදහස් පල කර සිටියේය.

Post Views: 7
Previous Post

ගෝඨා සුදානම් කිව්වාට…. ! තවම අවසර දීලා නෑ …. !

Next Post

ඉදිරි ජනාධිපතිවරණයේ ජය ගැන සියයට 500 ක් ෂුවර් බව මහලේකම් අකිල කියයි

editor

editor

Next Post

ඉදිරි ජනාධිපතිවරණයේ ජය ගැන සියයට 500 ක් ෂුවර් බව මහලේකම් අකිල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved