27 July 2024
#දේශීය

ඉදිරි ජනාධිපතිවරණයේ ජය ගැන සියයට 500 ක් ෂුවර් බව මහලේකම් අකිල කියයි

ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇත්තේ බොහෝ දුරට ජනාධිපතිවරණයක් බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නිකවැරටිය ආසන බලමණ්ඩල රැස්වීම අමතමින්. එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන බවට සියයට පන්සියයක විශ්වාසයක් ඇති බවයි.

වර්තමානයේ ඇති කකුල් මාට්ටුක වැඩපිළිවෙල වෙනුවට ජනාධිපතිවරණය ,පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය ජයග්‍රහණය කරමින් වසර දහයක ශක්තිමත් ආණ්ඩුවක් පිහිටවීමේ ශක්තිය එක්සත් ජාතික පෙරමුණට ඇති බව කාරියවසම් මහතා පෙන්වා දුන්නේ.

පුළුල් සංවිධානයකින් එම බලය ලබා ගන්නා බව මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *