27 April 2024
#දේශීය

අද පාර්ලිමේන්තුවේ ඉන්නේ එහාට මෙහාට පැනපු අයයි …! ජවිපෙ කියයි

මැතිවරණයක් පැවැත්වීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් කියන්නේ ක්‍රියාවන් දෙකක් බවත් මැතිවරණයක් පැවැත්වීම සහ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අතරේ කිසිම සම්බන්ධයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අප සැමගේම අදහස් ඇති බවයි. නමුත් වර්තමාන පාර්ලිමේන්තුව ඡන්ද දායකයන්ගේ සැබෑ නියෝජිතයන් පිළිබිඹු නොකරන බවත් ඔවුන් එහෙට-මෙහෙට පැනපු අය ඉන්නේ බව හෙතෙම පැවසිය. ඒ

එහේතුවෙන් මහා මැතිවරණයක් පවත්වලා ජනතාවගේ ඇත්ත නියෝජිතයන් පත්කරගන්න අවස්ථාව දිය යුතු බවත් ඒක අයිති ජනතාවට බව ඔහු අනාවරණ කළේය. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පවතින ආණ්ඩුව බව ද හෙතෙම කියා සිටියේය.

එම අවස්ථාවේදී විජිත් හේරත් මන්ත්‍රීවරයා මාධ්‍ය සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කර සිටියේය “මාධ්‍ය ආයතනවල භාවිතය සම්බන්ධයෙන් බිමල් රත්නායක සහෝදරයා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මක කතාවක් කළේ. පහුගිය දෙසැම්බර් මාසයේ. දින 50ක පරිච්ජේදයේදී. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඔය කතාව කළේ ඊයේ පෙරේදා. පක්‍ෂයක් හැටියට අපිට මේ රටේ මාධ්‍ය භාවිතය ගැන විවේචනයක් තියෙනවා. ඒවගේම සිවිල් සංවිධානවලට සහ ස්වාධීන පුද්ගලයන්ටත් විවේචනයක් තියෙනවා. ඒ මාධ්‍ය භාවිතයන් නුසුදුසුයි නම් විරෝධය පළ කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකුත් තියෙනවා. ඒ විරෝධයන් ගැන එකඟ වෙන්නේ නැත්නම් මාධ්‍ය ආයතනවලටත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කරන්න අයිතියක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තමන්ගේ විරෝධය පළ කිරීමට කාටත් තිබෙන අයිතියට ගරු කළ යුතුයි. මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පළ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ වැඩක් නෙවෙයි. විවිධ සිවිල් සංවිධානවල අය වගේම ස්වාධීන පුද්ගලයන් ඒ විරෝධය පළ කිරීමේ හිටිය බව අපි දැක්කා. යැයි මන්ත්‍රීවරයා අදහස් පල කර සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *