27 July 2024
#දේශීය

අනතුරු අවම කරමු – සෞඛ්‍ය අංශ කියයි

සෑම වසරකම දෙසැම්බර් 31 දින රිය අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරු , බීමත්ව සිදු වන ආරවුල් හේතුවෙන් සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

බීමත්ව රිය පැදවීම,මාර්ග නීති නොතකා රිය පැදවීම, අදික බීමත් බව,වැඩිහිටියන්ගේ අනුදැනුමකින් තිරව ගිණිකෙළි දැල්වීම ආදිය මෙම අනතුරුවලට ප්‍රධන හේතුවක් බව වෛද්‍ය සිරිතුංග මහතා පැවසිය.

එම නිසා දෙසැම්බර් 31 රාත්‍රියෙන් උදා වන නව වසර අනතුරු අවම වසරක් කර ගැනීමට අනතුරු වළක්වා ගැනීමට කටයුතු කරන මෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ද ජනතාවගෙන් ඉල්ලා සිටි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *