• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අනුරාධපුර එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට අගමැති එක් වෙයි

24 July 2019
in සංවර්ධන

ශ්‍රී ලංකාව ව්‍යවසායකත්වයෙන් බලගැන්වූ දියුණු රටක් බවට පත් කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් මෙම ප්‍රදර්ශනය මුළු ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගනයේ අද (24) ආරම්භ වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයට එක්වෙමින්.

මුළු ප්‍රදර්ශනය භූමිය පුරා පැවති සෑම ප්‍රදර්ශන කලාපයක් ම නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා තෝරාගත් ප්‍රතිලාභීන් සඳහා සංකේතවත් ලෙස ණයපත් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කරන ලදී.

ග්‍රාමීය මට්ටමේ සිටින ව්‍යවසායකයින් දිරිගන්වා ලෝක මට්ටමින් තරග කළ හැකි ව්‍යවසායකයන් බවට පත් කිරීම මෙම වැඩසටහනින් බලාපොරොත්තු වන බව මෙම අවස්ථාවට එක් වූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

විශාල ණය යෝජනා ක්‍රම රාශියක් මෙම ව්‍යවසායකයන් සඳහා ක්‍රියාත්මක කර ඇති අතර උපාධිධාරීන් සඳහා පිරිනමන පොලී රහිත ණය යෝජනා ක්‍රමය මේ අතරින් විශේෂ එකක් බව මංගල සමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම විශේෂ නිරීක්ෂණ අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන පී. හැරිසන්, චන්ද්‍රානී බණ්ඩාර, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන යන මහත්ම මහත්මීන් ද එක් විය.

 

Post Views: 33
Previous Post

මහනුවර ඇසල පෙරහැර පුර්ණ ආරක්ෂාවක් – අගමැති

Next Post

විදේශ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

editor

editor

Next Post

විදේශ රටක නිෂ්පාදිත ජිව අත් බෝම්බයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved