• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
in පුවත්
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝකයේ ප්‍රධාන පෙළේ බහුජාතික දුම්කොළ සමාගම් විසින් සිගරට් ඇතුළු තම නිෂ්පාදනවලින් සිදුවන මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීම සහ රජයන් මඟින් පනවනු ලබන බදු ඇතුළු නීතිමය රෙගුලාසි පරාජය කිරීම සඳහා විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත තමන්ට අවශ්‍ය පරිදි සූක්ෂ්ම ලෙස වෙනස් කරන ආකාරය පිළිබඳව බ්‍රිතාන්‍යයේ බාත් විශ්වවිද්‍යාලයේ (University of Bath) දුම්කොළ පාලන පර්යේෂණ කණ්ඩායම විසින් විශේෂ හෙළිදරව්වක් කර තිබේ. මෙම විද්වතුන් විසින් දුම්කොළ කර්මාන්තයේ මෙම කූට ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා “ලාභය සඳහා වූ විද්‍යා ආකෘතිය” (Science for Profit Model) නමින් විශේෂ ආකෘතියක් සහ උපායමාර්ග 5ක් (Strategies) ලෝකය හමුවේ තබා ඇත.
මෙම ජාත්‍යන්තර පර්යේෂණයට අනුව, දුම්කොළ මාෆියාව විසින් විද්‍යාව තමන්ගේ වාසියට හරවා ගැනීමට භාවිත කරන ප්‍රධානතම උපායමාර්ගයන් මෙසේය:
පර්යේෂණ තමන්ට අවශ්‍ය පරිදි හැඩගැස්වීම (Strategy A): 1950 දශකයේදී සිගරට් සහ පිළිකා අතර සෘජු සබඳතාවක් ඇති බව විද්‍යාත්මකව තහවුරු වෙද්දී, දුම්කොළ සමාගම් විසින් ‘දුම්කොළ කර්මාන්ත පර්යේෂණ කමිටුව’ පිහිටුවා පිළිකා ඇතිවීමට හෝමෝන සහ පෝෂණය වැනි විකල්ප හේතු සෙවීමට වෙනත් පාර්ශවයන්ට මුදල් ලබා දී මහජන අවධානය වෙනතකට යොමු කළහ. එමෙන්ම 1980 දශකයේ නිෂ්ක්‍රීය දුම්පානයේ (Passive Smoking) හානිය වසාගැනීමට වායු පෙරහන් වැනි “ගෘහස්ථ වායු” ගැටලු පිළිබඳ පර්යේෂණ කරවූ අතර, මෑතකාලීනව ‘දුම්කොළවලින් තොර ලෝකයක් සඳහා වූ පදනම’ (FSFW) හරහා නව විද්‍යුත් සිගරට් ප්‍රවර්ධනය කරමින් දුම්පානය පාලනය නොවීමේ වරද සෞඛ්‍ය අංශ සහ මාධ්‍ය මත පැටවීමට ඔවුන් ක්‍රියා කරයි.
විද්‍යාත්මක දත්ත විකෘති කිරීම (Strategy B): 1990 දශකයේදී ඔවුන් “යහපත් වසංගතවේදය” වැනි ප්‍රචාරණ ව්‍යාපාර දියත් කරමින් නිෂ්ක්‍රීය දුම්පානයේ හානිය පිළිබඳ විද්‍යාත්මක සාක්ෂි ප්‍රතික්ෂේප කළහ. එමෙන්ම දුම්කොළ පාලනයට සම්බන්ධ විද්වතුන් “අන්තවාදීන්” සහ “මධ්‍යස්ථ මතධාරීන්” ලෙස බෙදා වෙන් කිරීමට ‘Project Sunrise’ වැනි රහසිගත ව්‍යාපෘති දියත් කරමින් විද්‍යාඥයන්ට ප්‍රහාර එල්ල කළහ.
බොරු ප්‍රචාර සඳහා ‘ප්‍රතිරාව කුටීර’ (Echo Chambers) හැදීම (Strategy C): තමන්ගේ විද්‍යාත්මක මතයන් සමාජගත කිරීම සඳහා ස්වාධීන යැයි පෙනී සිටින බුද්ධිමත් මණ්ඩල (Think Tanks), විශේෂඥයන් සහ ‘Whitecoat Project’ වැනි රහසිගත සැලසුම් හරහා විද්‍යාඥයන් බඳවාගෙන දුම්පානය සමාජගත කිරීමට ක්‍රියා කරති. මීට අමතරව ‘Filter’ වැනි සඟරා සහ මාධ්‍ය ආයතනවලට මුදල් පොම්ප කරමින් තමන්ගේ මතයන් ප්‍රසිද්ධ කරති.
තමන්ට ගැළපෙන නීතිමය වටපිටාවන් සකස් කිරීම (Strategy D): යුරෝපා සංගමය (EU) වැනි ජාත්‍යන්තර ආයතනවල ප්‍රතිපත්ති සම්පාදනයට බලපෑම් කරමින්, තමන්ගේ නිෂ්පාදන පරීක්ෂා කිරීමේ විද්‍යාත්මක නිර්ණායකයන් තමන්ටම සකස් කරගැනීමට ‘Smart Regulation’ වැනි නීතිමය ප්‍රතිසංස්කරණ සඳහා දුම්කොළ සමාගම් බරපතල ලෙස අරමුදල් වියදම් කරති.
විශ්වාසනීය ප්‍රතිරූපයක් මවාපෑම (Strategy E): දුම්කොළ සමාගම්වල වංචනික ඉතිහාසය නිසා වර්තමානයේ ලොව ප්‍රමුඛ විශ්වවිද්‍යාල ඔවුන් සමඟ සෘජුව වැඩ නොකරන බැවින්, ඔවුන් ‘Foundation for a Smoke-Free World’ (FSFW) වැනි ව්‍යාජ තෙවන පාර්ශවීය සංවිධාන සහ මහජන සබඳතා (PR) ආයතන සාදාගෙන, තමන් ද ප්‍රතිපත්තියේ සහ විද්‍යාවේ කොටස්කරුවෙකු ලෙස පෙනී සිටීමට දැඩි උත්සාහයක නිරත වෙති.
බාත් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් අවධාරණය කරන්නේ, දුම්කොළ කර්මාන්තය විද්‍යාව සඳහා සම්බන්ධ වන්නේ කිසිසේත්ම මිනිස් වර්ගයාගේ සෞඛ්‍යය දියුණු කිරීමට හෝ දැනුම වර්ධනය කිරීමට නොව, පර්යේෂණ ලේඛන තමන්ට අවශ්‍ය පරිදි තෝරා බේරා (Cherry-picking) ප්‍රසිද්ධ කරමින්, මහජනතාව තුළ සැකය සහ නොදැනුවත්කම වර්ධනය කර තමන්ගේ කෝටි ප්‍රකෝටි ගණනක ‘කෝපරේට් ලාභය’ (Corporate Profits) උපරිම කරගැනීම සඳහා පමණක් බවයි.
Post Views: 2
Previous Post

මහ කන්නයට හිඟයකින් තොරව පොහොර දීමට සැලසුම්

Next Post

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved