• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපිට ඉන්න හොඳම ප්‍රතිවාදියා ගෝඨායි – ඇමැති රාජිත කියයි

20 March 2019
in දේශීය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වීම එක්සත් ජාතික පෙරමුණට අභියෝගයක් නොවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සුළු ජනතාවගේ ඡන්ද දිනාගැනීමට එම අපේක්ෂකයාට හැකියාවක් නොමැති බවත් සුළු ජාතීන් සමග කෑම මේස වල වාඩි වී සිටියත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය රජය සමයේ සුළු ජාතිකයින්ට කළ හිරිහැර ඔවුන්ට අමතක නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට සිටින හොදම ප්‍රතිවාදී අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා බව සේනාරත්න මහතා කියා සිටියේය . එසේම මැතිවරණයේ දී ජයග්‍රහණය කිරීම සදහා එක්සත් ජාතික පෙරමුණට හැකියාවක් ඇති බව පෙන්වා දෙන සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා මුල සිටම දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළ යුතු බව සදහන් කරයි.

2015 ජනාධිපතිවරණයට පෙර හිටපු ජනාධිපතිවරයා ද දකුණේ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාස කළත් එය පරාජය කිරීමට අපට හැකි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි. ජාතිවාදය, ආගම්වාදය, කුලවාදයට ජනතාව තවත් ඡන්දය නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

 

Post Views: 7
Previous Post

කුණු ප්‍රශ්ණය විසඳන එක කඩාකප්පල් කරන්න හදනවා – අතිරේක ලේකම් මාධව 

Next Post

එජාපය එක්ක තියෙන ගනුදෙනුව ගැන දුමින්ද හෙළි කරයි

editor

editor

Next Post

එජාපය එක්ක තියෙන ගනුදෙනුව ගැන දුමින්ද හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved