• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි නිහඩව සේවය කළේ – ඇමැති පාඨලි

28 December 2018
in දේශීය

ගත වූ වසර 35 තුළ බිහි වූ සියලු රාජ්‍ය නායකයින් කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ලබාදුන් නිවාසවලට වඩා දස ගුණයක් නිවාස අප අමාත්‍යාංශය විසින් පසුගිය වසර කිහිපය තුළ නිහඬවම ලබාදීම සිදු කළ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ පදනම් ආයතනයේ පැවැති විශේෂ හමුවකට සහභාගී වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ තරුණියෝ, වැඩිහිටියෝ විශාල පිරිසක් සිටිනවා. මුදා ගැනීමට මෙහෙයුමක් අවශ්‍ය බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ඉදිරි වසර රටට ඉතා තීරණාත්මක වසරක්. අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. පක්ෂ අතර එකඟතාවයක් ආවොත් පළාත් සභා මැතිවරණය තියන්න නියමිතයි. ඇතැම් විට පාර්ලිමේන්තුව අවුල් සහගත වුවහොත් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වෙන්න නියමිතයි. ඒ වගේම ජනාධිපතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතයි. 2019 වසර රටේ කඩඉම් වසරක්. රටේ පාලන ක්‍රමය අනාගතයට ගමන් කිරීම පිළිබඳව වූ වැදගත් වූ වසරක්. මේ කඩඉම් වසරේ අපේ ඉලක්ක අපි පැහැදිලි කර ගත යුතුයි.

ඒ වගේම අපි ආණ්ඩු ණය කාරයෝ කරලා නැහැ. දැන් මේ පැල්පත් කියන ඒවා කොළඹ නගරයේ විතරක් නෙමෙයි, මහනුවර, කුරුණෑගල, මාතර යන නගර හැම තැනකම පැල්පත්වාසී දුගී කණ්ඩායම් ජීවත් වෙනවා. මිනිස් දුහුවිලි බවට මේ මිනිසුන් පත්කර තිබෙනවා. මේ මිනිසුන්ව මිනිස්සු බවට පත් කරන ජනයා බල ගැන්වීමේ වැඩපිළිවෙලක් අපට අවශ්‍යයි. ඒ වගේම මේ රටේ විශාල පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවෙලා තිබෙනවා. මේ ළඟදි දවසක මම කොළඹ නගරයේ ඇවිදින්න ගිය වෙලාවක තාත්තා කෙනෙක් ඇවිත් කියනවා නාගරික සංවර්ධන අධිකාරියේ ගෙවල් කුලිය වන රුපියල් තුන්දාහ ගෙවන්න විදිහයක් නැහැ කියලා. මම ඇහුවා දවසට රුපියල් තුන්දහසකට වඩා හොයන ඔබලාට ඇයි මෙය ගෙවන්න බැරි කියලා. එතකොට කියනවා මගේ පුතා කුඩු වලට ඇබ්බැහි වෙලා කියලා. ඔහුගේ රැකියාව මුට්ට කර ගැහීම. වයස අවුරුදු හැත්තෑවක්. තවත් ඔහුට මුට්ට කර ගහන්න බැහැ. ඔහුගේ ළමයාව බේරගන්නත් බැහැ ඒ නිසා ඔහුත් ඔහුගේ බිරිඳත් ඉතා අසරණ තත්වයකට පත්වෙලා ඉන්නේ කියලා. මේ විදිහට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වැදගත් තරුණ තරුණියෝ, වැඩිහිටියෝ වගේ අති විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. අපි මේ පිරිස මෙයින් මුදා ගන්නට මෙහෙයුමක් අවශ්‍යයි මිත්‍රවරුණි.

අපි හාල් මලු, එළවලු මලු, සහන මලු බෙදුවයි කියලා කවදාවත් ඒ සමාජයේ පිළිකුලට පත් වෙලා බිඳ වැටිලා ඉන්න ඒ ජනතාව උඩට එන්නේ නැහැ. ඒ ජනතාව එයින් මුදා ගන්න මනුෂ්‍යත්වයේ හස්තය අපි ඔවුන්ට දිගු කිරීම ඉතාම අත්‍යාවශ්‍යයි. අද කොළඹ හා අවට මේ හැමතැනකම විශාල යාචක පිරිසක් ඉන්නවා. අපි පසුගියදා එම යාචකයින් එයින් මුදාගෙන ඒ අයගේ ජීවන මට්ටම ඉදිරියට ගෙන එන වැඩපිළිවෙලක් දියත් කරන්න කටයුතු කළා. එයින් අපි ඉගෙන ගත්ත පාඩම මොකද්ද මේ යාචකයෝ බොහොමයක් මානසික, ශාරීරික ආබාධිතයෝ මෙන්ම වෙනත් නොයෙක් ආකාරයේ ප්‍රශ්නවලට මුහුණ දුන් පිරිස්. මේ සමාජයේ ඉන්නවා විවිධ ජන කණ්ඩායම් කුල ප්‍රශ්න නිසා, ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න නිසා මේ අය මිනිස් දුහුවිලි බවට පත් වූ විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. මෙන්න මේ පිරිස මිනිස්සු බවට නැවත පත් කරන ජනබල ගැන්වීමක් මේ රටට අවශ්‍යයි.

තවදුරටත් අපි නිවාස, ආහාර එහෙමත් නැත්නම් වෙනත් රැකියා ආදී දේවල් ලබාදීමේදී තමන්ගේ පාක්ෂිකයා පමණක් ඉලක්ක කර ගැනීමක් පමණක් නෙමෙයි මෙන්න මේ ජන කණ්ඩායම්වල ප්‍රශ්නය 100%ක් විසඳන්න ඕනේ. මේ රටේ මෙන්න මේ අසරණ සමාජ බලවේග එයින් මුදවාගෙන ජන බලගැන්වීමක් කළ යුතුයි. මිනිස් දුහුවිල බවට පත් ව ඇති මේ ජනතාව මිනිස්සු බවට පත් කරන ව්‍යාපාරයක් අපි දියත් කරන්න ඕනේ.

ඊ ළඟට මේවා ගැන කතා කරන කොට කාලයක් හිටියා බ්‍රිතාන්‍ය කාලයේ මේ රටට ගෙන ආ වැසිකිලි හෝදන ජනතාවක්.ඒ ජනතාව තවම ඉන්නවා. හැම නගරයකම පුංචි පැල්පත් සාදාගෙන මේ ජනතාව ඉන්නවා. මේ දරුවෝ කවුරුවත් අධ්‍යාපනය ලබන්නේ නැහැ. මෙවැනි සෑම ජන කණ්ඩායමක්ම ඉදිරියට ගෙන ඒමට නම් ජන බල ගැන්වීමක් කරන්න ඕනේ. බුදු රජාණන් වහන්සේ සුනීත සෝපාකට පිහිට වෙලා ඒ අය බලගතු බෞද්ධ නායකයෝ බවට, සංඝ සමාජයේ බලගතු බලවේගයන් බවට පරිවර්ථනය කරලා ආදර්ශයක් දුන්නා වගේ මේ සමාජයේ පහලම මේ ජන කණ්ඩායම්වලට අපේ රාජ්‍ය ශක්තිය යොදවලා මේ රටේ එවැනි මිනිස් දුහුවිලි නැති රටක් බවට අපි පරිවර්තනය කරන්න ඕනේ. එය අපේ ප්‍රධාන අරමුණක් විය යුතුයි මෙම දේශපාලන පරිවර්ථනය තුළ යැයි පැවසීය.

 

Post Views: 9
Previous Post

පාර්ලිමේන්තුව නියමිත කාලය පෙර විසුරුවන්නට අපි සහාය දෙන්නේ නෑ – ඇමැති අජිත්

Next Post

ජාතිවාදය පිටු දැකීම සහ විධායක ජනපති ධූරය අහෝසි කරමු – කථානායක 

editor

editor

Next Post

ජාතිවාදය පිටු දැකීම සහ විධායක ජනපති ධූරය අහෝසි කරමු - කථානායක 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved