• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපි මාධ්‍ය හරහා පිම්බෙන්න ගියේ නෑ – ඇමැතිනි තලතා

22 May 2019
in සංවර්ධන

බෞද්ධාගම විනාශ කිරීමේ උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා කියලා චෝදනා කරනවා, එක්සත් ජාතික පක්ෂය බෞද්ධ ආගම ආරක්ෂා කළා ද නැද්ද කියන එක හැමෝම දන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ හදවත් යා කරන රන් මාවත් සංවර්ධන වැඩ සටහන යටතේ රත්නපුර ,ඉඹුල්පේ ,නළුවෙල යාය මාර්ගය, උඩ නළුවෙල දක්වා හා උඩගංගොඩ තැන්න දක්වා කොන්ක්‍රිට් කිරීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ (21 ) එක්වෙමිනි.

එහිදි අමාත්‍යවරිය මෙසේ අදහස් පල කර සිටියේය “රටක් හැටියට පක්ෂ පාට භේද නොතකා අපි ප්‍රතිලාභ හිමි වන වැඩ කරලා තියෙනවා.එදා සමහර අයට අධිකරණය තිබුණු විදිහ මතක නැහැ.සමහර අයගේ ෆයිල් උසාවිවලින් අතුරුදහන් වුන හැටි සමහර අයට මතක නැහැ.අද ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපේ රටට ඇවිල්ලා තියෙනවා.එම තත්වය පාලනය කරන්න රජය ක්‍රියා කර ගෙන යනවා.මම මේ දැන් පත්තරයක් බල බලා ආවා .එතකොට ඒකේ කියලා තියෙනවා හිටපු ඇමති කෙනෙක් දැන් ඉන්න මන්ත්‍රි කෙනෙක් කියන්න කණගාටුයි මම නම කියන්න යන්නේ නැහැ.

අර මංගල ඇමතිතුමා කිවුව පොඩි කෑල්ලක් අල්ල ගෙන ගහනවා.මොකක්ද මේ බංකොලොත් දේශපාලනය .මේ ගොල්ලන්ට බලයට එන්න ඕන නම් එන්න මැතිවරණ තියෙනවා.අපි මේවාගේ එල්ලිලා ඉන්නේ නැහැ.අපි ඒ අයගේ සිංහල බෞද්ධ කම ගැන දන්නවා .අපිට ඒක ප්‍රශ්නයක් නැහැ.කවුරුත් හිතන විදිහට එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ බෞද්ධාගම විනාශ කරන අය නොවෙයි.මේ බෞද්ධාගම ආරක්ෂා කරනවා කියන අය 2005 ඉදලා 2015 වෙනකල් බෞද්ධාගම ආරක්ෂා කරන්න කරපු දේවල් මොනවාද කියන්නකෝ.අඩු ගානේ බෞද්ධාගම ආරක්ෂා කර ගන්න සංස්කෘතික අරමුදලින් අපේ අගමැතිතුමා කළ වැඩක් මේ ගම්වල පන්සල් දහම් පාසල් වෙනුවෙන් කළාද .මම මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ.ජනතාව දැනුවත් වෙන් ඕන නිසා මම මේ ටික කියන්නේ .ජනතාව දැන්වත් වෙන්නේ නැති නිසා ලොකු ප්‍රශ්නයක් තියෙනවා.මම ඊයේ රෑ පැල්මඩුල්ල ආසනයේ වැඩ ටික ඉවර කරලා රෑ 12 ට විතර නිදා ගන්න යන කොට මගේ මාධ්‍ය ලේකම් කථා කරලා මට කිවුවා රත්නපුරේ සිද්ධියක් තියෙනවා කියලා.මම කිවුවා සිද්ධියක් තියෙනවා නම් පොලිසියක් තියෙනවා බලා ගනියි කියලා. අපි නොවෙයි දැන් මේ මට එක්කෙනෙක් එවලා තියෙනවා රත්නපුරේ නගරයේ මැද ඉදලා හාමුදුරු කෙනෙක් කෑ ගහනවා.

ඩී.අයි.ජී.මහත්තයාටත් බනිනවා. ඩී.අයි.ජී.මහත්තයා මුස්ලිම් අයගෙන් සල්ලි අරන්ලු .තලතා එවුවලු පාන්දරම ඇප දෙන් කියලා.මම හාමුදුරුවෝ කවුද කියලත් දන්නවා.බලංගොඩ පරීක්ෂා කළේ නැහැ කියලා .මෙන්න තලතා නවත්වලා ලු පරීක්ෂා කරන එක.මම ඒ පාර හමුදාවම එවුවා පරීක්ෂා කරන්න.මම ඒක අද මුස්ලිම් ජනතාව හමු වුනු රුස්වීමකත් කිවුවා.මේක හරි වැඩක් නේ.අපි සිල්පද පහ ආරක්ෂා කර ගෙන ජීවත් වන අය.අපේ චරිතය ඝාතනය කරන්න කාටවත් බැහැ.ඒ නිසා මේ වගේ දේවල් කියනවා.ඔය ෆේස් බුක් වල ගැහුවට කමක් නැහැ .අපි කරන දේ හරියට කරනවා ඊයේ රෑ 10 ට විතර අත් අඩංගුවට අරන් තියෙන්නේ අද රෑ දහය වෙනකල් පොලිසීයට අයිතිය තියෙනවා තියා ගෙන ඉන්න.මහෙස්ත්‍රාත් කෙනෙක්ට දාන්න ඕන.නිවාඩු දවසක් වැඩ බලන මහෙස්ත්‍රාත් කෙනෙක්ට හොයා ගන්න ඕන.මේක තමයි ඇත්ත තත්වය.මේ රජය මේ අවුරුද්දේ එලවා ගන්න බැරි වුණොත් යනවා කියලා එක පෞද්ගලික මාධ්‍ය ආයතනයක අයිතිකාරයෙක් කියලා තියෙනවා.මේ රටින් යනවා කියලා.ගියත් එකයි නැතත් එකයි .අපි නම් මාධ්‍ය හරහා පිම්බෙන්න ගිහිල්ලත් නැහැ.අපි බොරු කියලා මිනිස්සු රවට්ටන්න හොඳ නැහැ , යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේය. 

Post Views: 12
Previous Post

සහරාන් මිය ගිය බව ඔහුගේ දියණියගේ DNA පරික්ෂාවෙන් තහවුරු වු බව පොලිසිය පවසයි

Next Post

ජවිපෙ තුට්ටු දෙකේ වැඩක් ගැන විමල් කියයි

editor

editor

Next Post

ජවිපෙ තුට්ටු දෙකේ වැඩක් ගැන විමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved