27 July 2024
#දේශීය

අමෙරිකානු තානාපතියට සාවද්‍ය තොරතුරු ලබා දීලා – බන්දුල කියයි

පවතින ආර්ථික අර්බුධය රට තුළ ඇති දේශපාලන අර්බුධය බව අමෙරිකානු තානාපතිනිය කළ ප්‍රකාශය සාවද්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා කියා සිටියේ අමෙරිකානු තානාපතිනිය අස්ගිරි මහානායක හිමියන් හමු වීමෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වා සිටින අගය කරන නමුත් රටේ අභ්‍යන්තර ඇතිවන යම් යම් කරුණු පිළිබඳ ඇයට සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බවයි.

රුපියල කඩා වැටීම, විදේශ සංචිත අඩු වීම, සංචාරකයින්ගේ පැමිණිම නතර වෙලා තිබෙනවා මෙන්ම ආර්ථික අර්බුධ උත්සන්න වී ඇති බව අමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කර තිබෙන අතර ඇය කියා ඇත්තේ මේ සඳහා මේ පවතින දේශපාලන අර්බුධය වහාම ජනාධිපතිවරයා විසදිය යුතු බවයි.

බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විසින් රට භාර ගැනීමේදී රටේ ආර්ථික බිඳ වැටී තිබු බවයි. එසේම කෘෂිකර්මන්තය මෙන්ම ආර්ථික පවා කඩා වැටීමට ලක්ව ඇති බවයි. ආර්ථීක ව්‍යවසනය ඇති වුණේ යහපාලන ආණ්ඩුව කාලයේදී බව ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *