27 April 2024
#දේශීය

තීරණය ඉක්මනින් දෙන්න – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට හා මහ මැතිවරණයක් කැඳවීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධයෙන් වන තීන්දුව ප්‍රමාදයකින් තොරව ලබාදෙන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලිමක් අනුව නීතිපතිවරයා විසින් මෙම මෝසම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අදාළ පෙත්සම් විභාගය පසුගිය සිකුරාදා දිනයේදී අවසන් කෙරිණි. කෙසේ වෙතත් තවමත් ඒ සම්බන්ධයෙන් වන තීන්දුව සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *