• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආගමටත් බලපා ඇති පක්ෂ දේශපාලනය ඉවත් කල යුතුයි – ඇමැති රාජිත

8 June 2019
in දේශීය

වර්තමානයේ ආගමටත් දේශපාලනය සම්බන්ධ වී ඇති බවත්, පක්ෂ දේශපාලනය ඉවතලා සංවර්ධනය කිරීමට සියලුම දේශපාලන පක්ෂ පෙරමුණ ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සෑම ග්‍රාම නිලධාරී වසමකම ඉදිකරන නිල සෙවන කාර්යාල ව්‍යාපෘතියට සමගාමීව බේරුවල ආසනයේ පයාගල මලේගොඩ ඉදිකරන ලද නිල සෙවන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) එක්වෙමින්. එම කාර්යාලය ඉදිකිරීම සදහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 25 කි.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කර සිටියේය “වර්තමානයේ බෞද්ධ දර්ශණය පවා කෙළසමින් ඇතැම් භික්ෂූන් වහන්සේලා කටයුතු කරනවා. බුදුරජාණන් වහන්සේ “අත්තාහි අත්තනෝ නාථෝ” යනුවෙන් ප්‍රකාශ කළේ තමන් හිසට තම අතමය සෙවනැල්ල කියලයි. දෙවියන් බලා ගන්නේ නැහැ. රට හදන්න අපි කැපවිය යුතුයි. බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම මත විරෝධතා එල්ල වුනා. එවිට බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළා “හාමුදුරුවනේ ඉතිහාසය විසින් මට අනාගතයේ දී සමාව දෙනු ඇත” කියලා. ඒ අනුව එම විරෝධතා අවසන් වුවත්, වසර 30 කට පසු යුද්ධයක් ඇති වුනා. ඒ විවිධ බලපෑම් වලට යටත්ව තීන්දු තීරණ ගත් නිසයි. වර්තමානයේ අප සිටින්නේ ගෝලීයකරණයට ලක් වූ රටකයි. රට ගොඩනැගීම අමාරු නැහැ. එකතු විය යුතුයි. සිංගප්පූරුවට වඩා අපේ රට සංවර්ධනය කරන්න පුළුවන්. වර්තමානයේ සෑමදේකටම දේශපාලනය. ආගමටත් දේශපාලනය සම්බන්ධ වෙලා. දේශපාලනය අවශ්‍යයි. නමුත් පක්ෂ දේශපාලනය ඉවත ලා රට සංවර්ධනය කිරීමට සියලු දේශපාලන පක්ෂ පියවර ගත යුතුයි. විපක්ෂයේ ඉන්න අය බලන්නේ රට විනාශ කරලා හරි බලය ලබාගන්න. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මට විරුද්ධව නඩු 05 ක් දැම්මා නමුත් මම ඇයට ප්‍රකාශ කළා ජාතික ප්‍රශ්නය විසදීම සදහා ඔබතුමිය විසදුමක් ලබාදෙන්නේ නම් කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව.”යැයි අමාත්‍ය සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට බේරුවල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල් මහතා, බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා ඇතුලු ග්‍රාම සේවා නිලධාරිවරුන් ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

Post Views: 12
Previous Post

කාර්යාලීය නිල ඇදුමෙත් චක්‍ර ලේඛය සංශෝධනයට

Next Post

මෝදී ශ්‍රි ලංකාවට

editor

editor

Next Post

මෝදී ශ්‍රි ලංකාවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved