• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවේ ගමනට බාධාවක් වෙන්න ඉඩ දෙන්නේ නෑ – අගමැති

12 July 2019
in දේශීය

ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැති බවත් ඉදිරියේදී තවත් අභියෝග අප ඉදිරියේ තියෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කරමින් කියා සිටියේ ඉදිරියේදී ඇති අභියෝග ජය ගැනීමට රට වෙනුවෙන් සියලු දෙනා එක්විය යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2019 ජූලි 12 වන දා කළ විශේෂ ප්‍රකාශය සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

මටත්, අමාත්‍යවරුන්ටත් එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත් වුණා. පාර්ලිමේන්තුව තීන්දු කළේ ඒ යෝජනාවේ සඳහන් චෝදනා පදනම් විරහිත බවයි.

පාස්කු ප්‍රහාරය සැලවූ ගමන්ම මම ආරක්‍ෂක ප්‍රධානීන් හමුවුණා. වහාම ක්‍රියාත්මක වීමට උපදෙස් දුන්නා.

අප ගත් පියවර නිසා මාස දෙකක් වැනි කෙටි කාලයක් තුළ ප්‍රහාරයට සම්බන්ධ සියළු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට පුළුවන් වුණා. ඒ ගැන අපේ ආරක්‍ෂක අංශවලට මම ප්‍රශංසාව පුද කරනවා.

විපතට පත් අයට සහන සැලසීමටත්, විනාශ වූ දේපල යළි ගොඩනැංවීමටත් අපේ ඇමතිවරු කැපවී, වෙහෙසී කටයුතු කළා.

මේ කටයුතු නිසියාකරව සිදු වූ බව දැන් පාර්ලිමේන්තුවත් පිළිගෙන තියෙනවා.

මේ අතර තවත් ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශ තොරතුරු නිසි ආකාරයට නිසි තැන්වලට සන්නිවේදනය නොවීම. ආරක්ෂක බුද්ධි මණ්ඩලයේ අවධානය මේ ගැන නිසි අයුරින් යොමු නොවීම.

අප මුලින් කළේ ත්‍රස්තවාදීන් සොයා ගැනීමේ මෙහෙයුමයි. අපට එය සාර්ථක කර ගන්නට පුළුවන් වුණා. ඊට පසුව අපි බුද්ධි තොරතුරු සන්නිවේදනය නිසියාකාරව සිදු නොවීම ගැන හොයන්නට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළා.

මේ තේරීම් කාරක සභාව ගැන සමහරු විවිධ දේ කිව්වත්, එය නිත්‍යානුකූල බව අධිකරණයත් පිළිගෙන තියෙනවා. අපට හංගන්නට දෙයක් නැහැ. ඒ නිසා තේරීම් කාරක සභාව හමුවට යන්නට බයක් නෑ. මාවත් කාරක සභාව විසින් කැඳවා තියෙනවා. මම එය හමුවට ගොස් මා දන්නා තොරතුරු කියනවා.

විශ්වාසභංග යෝජනාව විවාද කරද්දීත් වැදගත් කරුණු ගණනාවක් රටට හෙළි කරන්නට අවස්ථාව ලැබුණා.

අපට අවශ්‍ය මෙවන් ත්‍රස්ත කටයුතු යළි සිදු නොවන ආකාරයට පදනම දමන්නටයි. රටේත්, ජාතියේත් අනාගතය වෙනුවෙන් එසේ කළ යුතුයි. නැතිනම් එය දේශද්‍රෝහී ක්‍රියාවක්.

ඒ නිසා තේරීම් කාරක සභාව මගින් අප සත්‍යය සොයා ගන්නවා. ඒ වගේම අධිකරණය හමුවේ ද මේ සිද්ධිය සම්බන්ධ නඩුවක් තියෙනවා. එතැනදී ද සත්‍යය හෙළිවේවි.

මේ සත්‍යය අප හෙළිදරව් කරගන්නේ පුද්ගලයන් හෝ දේශපාලන පක්‍ෂ ඉලක්ක කරගෙන නොවෙයි. සත්‍යය හඳුනාගෙන, අඩුපාඩු වී ඇත්නම් අනාගතයේ එසේ සිදු නොවීමට අවශ්‍ය පියවර ගැනීමටයි.

ගෝලීය ත්‍රස්තවාදය මැඬලීමට අවශ්‍ය නව නීතිරීති කීපයක් ද සම්මත කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර බුද්ධි අංශ සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

තවත් කරුණක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කරන්නට කැමතියි. මෙවැනි අනපේක්‍ෂිත විපතක් නිසා රටේ සියළු කටයුතු එක තැන හිරවෙනු ඇතැයි කියා සමහරු සිතුවා. නමුත් අප ඊට ඉඩ දුන්නේ නෑ. අපේ ආණ්ඩුව ආර්ථික, සමාජයීය හා සංවර්ධන කටයුතු නොනවත්වා ඉදිරියට ගෙන ගියා. සමෘද්ධිය ලබා දුන්නා. ඉඩම් ඔප්පු ලබා දුන්නා. රැකියා ලබා දුන්නා. නිවාස ලබා දුන්නා. අඩපන වුණු සංචාරක ව්‍යාපාරය යළිත් ගොඩනැංවීමේ කටයුතු ආරම්භ කළා. ආණ්ඩුවේ ඉදිරි ගමනට කිසිදු බාධාවක් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ.

මේ සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වුණේ අප සියල්ලම එකට එක්වී රට ගැන සිතමින් කටයුතු කළ නිසයි. ජය ගැනීමට තවත් අභියෝග අප ඉදිරියේ තියෙනවා. කඩිනම් කළ යුතු කාර්යයන් තවත් තියෙනවා. රට වෙනුවෙන් එකතු වී අපි ඒ සියල්ලත් සාර්ථක කර ගනිමු.

 

Post Views: 16
Previous Post

Google transit විශේෂාංගයේ මෙහෙයුම අරඹයි…

Next Post

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට පියවර – කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන්

editor

editor

Next Post

දියර කිරි ලීටරයක මිල ඉහළ දැමීමට පියවර - කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved