• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආනයනය කරන ලද වාහන හිමිකරුවන්ට සහන සැලසීමට රජය තීරණය

24 September 2019
in සංවර්ධන

2015 සිට 2017 නොවැම්බර් මස දක්වා කාලපරිච්ඡේදය තුළ පුද්ගල පරිහරණය සඳහා ආනයනය කර එහෙත්, මෙතෙක් නිශ්කාශනය කරගත නොහැකිව හම්බන්තොට වරායේ රඳවා ඇති වාහන අයිතිකරුවන් හට එම වාහන නිශ්කාශනය කිරීම සඳහා සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, තම පුද්ගලික පරිහරණය සඳහා තනි පුද්ගලයන් විසින් ආනයනය කිරීම සහ අදාළ ණයවර ලිපි ඔවුන්ගේ නමින් විවෘත කර ඇත්නම් සංශෝධිත බදු නොසලකා හරිමින් ණයවර ලිපි විවෘත කරන ලද අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද ගෙවා එම වාහන නිශ්කාශනය කිරීමට අවසරය දෙනු ලැබේ.

එමෙන්ම, වාහන ආනයනය කරනු ලබන සමාගමක් හෝ නියෝජිත ආයතනයක් හරහා තමන් වෙනුවෙන් වාහනයක් ආනයනය කරන ලද බවට තහවුරු කළ හැකි පුද්ගලයන් හටද එම සහන හිමිවේ.

මේ යටතේ අදාළ වාහනය ආනයනය කිරීම සදහා ණයවර ලිපි විවෘත කළ අවස්ථාවේ පැවැති නිෂ්පාදන බද්ද පමණක් ගෙවා තම වාහන නිශ්කාශනය කර ගැනීම සඳහා වන අයදුම්පත්‍රය මහ භාණ්ඩාගාරයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත ඔක්තෝබර් 31 වන දිනට පෙර යොමුකරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

යෝජිත මෙම බදු සහන යටතේ ශ්‍රී ලංකා රේගුවෙන් නිශ්කාශනය කරනු ලබන සියලුම මෝටර් රථ රේගුවෙන් නිදහස් කළ දින සිට දින 30 ක් තුළ අදාළ වාහනය ආනයනය කරන ලද පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ.

රජය මගින් ලබාදී ඇති මෙම සහන පිළිබඳ වැඩි විස්තර, 2019 අගෝස්තු 08 වන දින අංක 2135/55 දරණ ගැසට් නිවේදනය මගින් සංශෝධිත පරිදි 2019 අප්‍රේල් 04 දින නිකුත් කරන ලද 2117/48 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ව ඇත.

Post Views: 9
Previous Post

අලුත් නායකත්වයක් රටට අවශ්‍යයි – ඇමැති පාඨලි

Next Post

අත්වැල් බැඳ ගන්න තිස්සට සජිත්ගෙන් ආරාධනාවක්

editor

editor

Next Post

අත්වැල් බැඳ ගන්න තිස්සට සජිත්ගෙන් ආරාධනාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved