• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආසියානු පැසිපික් ළමා සමුළුවට සහභාගී වන සිසුන්ට ගුවන් ටිකට්පත් ලබා දෙයි

12 July 2019
in දේශීය

ජාතින් අතර සාමය සහජීවනය ඉහළ නැංවීමේ අරමුණින් 1989 වසරේ සිට වාර්ෂික ව පැවැත්වෙන ආසියානු පැසිෆික් ළමා සමුළුව මෙවරත් ජපානයේ ෆුකෝකා නගරයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 10 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සහභාගීවීමට නියමිත අතර, ඔවුන් වෙත අදාළ ගුවන් ටිකට් පත් පිරිනැමීම අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද [12] අධ්‍යාපන අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

ආසියානු පැසිපික් ළමා සමුළුවේ සාමාජිකත්වය දරන රටවල් 50කට ආසන්න ප්‍රමාණයක් අතර ශ්‍රී ලංකාව ද මෙම සමුළුවේ ආරම්භයේ සිට ම සාමාජිකත්වය දරන අතර, මේ සඳහා සෑම වර්ෂයක ම සිසුන් සහභාගී කරවා ඇත. සමුළුවේ කොන්දේසි අනුව, අදාළ වර්ෂයේ අගෝස්තු 31 දිනට වයස අවුරුදු 10 යි මාස 7 සිට අවුරුදු 11 මාස 7 දක්වා සිසු සිසුවියන් (ගැහැනු පිරිමි සම සහභාගිත්වයෙන්) මේ සඳහා සහභාගී කරවනු ලබන අතර, 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ම ප්‍රවීණතාව ලබාගන්නා ලද සිසුන් අතරින් එම සිසුන් තෝරාගැනීම සිදුකරනු ලබයි.

ජුලි 14 සිට 25 තෙක් පැවැත්වෙන මෙවර සමුළු වැඩසටහන BRIDGE Summer Camp-2019 ලෙස හඳුන්වා ඇති අතර, මෙවර ඊට සහභාගී වන ශ්‍රී ලාංකික දරුවන්ට ජපානයේ පාසල් නිරීක්ෂණ චාරිකාවකට සහභාගීවීමටත්, අත්දැකීම් හුවමාරු කරගැනීමේ කඳවුරු සහ ජපානයේ සත්කාරක පවුලක නතරවීමට ද අවස්ථාව සැලසේ. මෙම සමුළුවෙන් පසු අදාළ කණ්ඩායමට බ්‍රිජ් ක්ලබ් ශ්‍රී ලංකා සමාජය මෙන් ම අන්තර්ජාතික බ්‍රිජ් ක්ලබ් සංවිධානයේ සාමාජිකත්වය ද හිමිවන අතර, ආසියානු පැසිෆික් ළමා සමුළුවේ සංවිධායක මණ්ඩලය විසින් මෙම සිසුන් සඳහා නවාතැන්, ප්‍රවාහන, රක්ෂණ, හා ආහාර පාන ආදී සියලු වියදම් දරනු ලැබේ.

මෙම වැඩසටහනේ මුලික අරමුණ වන්නේ, අන්තර්ජාතික මිත්‍රත්වය වර්ධනය කිරීමත්, අනෙකුත් රටවල ජනතාවගේ ජීවන රටා, සංස්කෘතීන් හා චාරිත්‍ර ආදිය පිළිබඳ අවබෝධයක් ශ්‍රී ලංකාවේ දරුවන්ට අත්විදින්නට අවස්ථාව සැලසිම සහ අර්ථාන්විත අයුරින් අන්තර්ජාතික සහයෝගීතාව වර්ධනය කිරීමටත් අවස්ථාව සැලසීමයි.

 

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකා තාක්ෂණ විප්ලවය – ශිල්ප සේනා ප්‍රදර්ශනය ලබන 18 සිට කොළඹදී

Next Post

Google transit විශේෂාංගයේ මෙහෙයුම අරඹයි…

editor

editor

Next Post

Google transit විශේෂාංගයේ මෙහෙයුම අරඹයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved