• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආහාර නොමැතිව මුරුංගා කොළ ආහාරයට ගත් පවුල සම්බන්ධ පුවත අසත්‍යයි – ජනපති මාධ්‍ය

3 October 2018
in දේශීය

අනුරාධපුර දිස්ත‍්‍රික්කයට අයත් ගලෙන්බිඳුණුවැව ප‍්‍රදේශයේ අඹු සැමි යුවළක් වේල් ගණනක් ආහාරයක් නොමැතිව මුරුංගා කොළ තම්බාගෙන ආහාරයට ගන්නා බවට වූ පුවතක් පිළිබඳ පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ කර තිබිණි.

එම පුවත පිළිබඳ විශේෂ අවධානය යොමු කළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුවකට උපදෙස් ලබා දුන් අතර, ඒ අනුව සිදුකළ විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ තොරතුරුවල නිරවද්‍යතාවය තහවුරු කර ගැනීමකින් තොරව මෙම මාධ්‍ය වාර්තා පළ කර ඇති බව හෙළිව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ වසර 03 ක පමණ කාලයක සිට එම ප‍්‍රදේශයට බලපෑ දැඩි නියඟය හේතුවෙන් සියලු ප‍්‍රදේශවාසීන් පීඩාවකට ලක්ව ඇතත්, මුරුංගා කොළ තම්බා ආහාරයට ගැනීමට තරම් එම පවුල ආර්ථික දරිද්‍රතාවයකින් පෙළී නොමැති බවට එම පවුලේ සාමාජිකයින්ගෙන් සහ අසල්වාසීන්ගෙන් ද කළ විමසීමේදී හෙළිවී තිබෙන බවයි.

නියඟය හේතුවෙන් පීඩා විඳි එම ප‍්‍රදේශයේ ජනතාවට රජය විසින් ලබාදුන් නියං සහනාධාර සහ අනෙකුත් ආධාර මෙම පවුලට ද හිමිවී ඇති අතර, අදාළ ගෘහ මූලික බී. පියසේන මහතාට වකුගඩු රෝගී ආධාර සහ සමෘද්ධි සහනාධාර ලැබෙන බව ද විමර්ශනවල දී හෙළිදරව් වී ඇත.

දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, කෘෂි රක්ෂණ මණ්ඩලය, ග‍්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාරවරුන් ප‍්‍රමුඛ රාජ්‍ය තන්ත‍්‍රයේ නිලධාරීන්ගේ ද ප‍්‍රකාශ, විමර්ශන කටයුතු සඳහා උපයෝගී කරගෙන තිබෙන අතර, එම සියලු විමර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ අදාළ මාධ්‍ය වාර්තා මගින් සත්‍ය තත්ත්වය විකෘති කර ඇති බවයි.

නිවැරදි තොරතුරු රහිතව එම පුවත වාර්තා වීම හේතුවෙන් රට තුළ ඇතිවූ ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කනගාටුව පළ කරන අතර ම, රජය අපහසුතාවයට පත්කරන එවැනි අසත්‍ය පුවත් වාර්තාකරණයෙන් බැහැර වන ලෙසට ද අදාළ මාධ්‍ය ආයතන වෙත අවධාරණය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

Post Views: 25
Previous Post

මාධ්‍යවේදියා සැබෑ සමාජ ආරක්ෂකයෙක් – ඇමති රංජිත්

Next Post

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

editor

editor

Next Post

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved