27 April 2024
#දේශීය

ජනාධිපති දූෂණයට වැට බදින්න පෙරට එන්න කිව්වාට හෙළි කරපු ඒවාට සද්ද නෑ

අල්ලසට දූෂණයට වැට බදින්න පෙරට එන ජනාධිපතිවරයා ජනතාවට ආරාධනා කළද ජනතාව විසින් හෙළිදරව්කරන ලද වංචා දූෂණ පිළිබදව නිසි පියවර ගැනීමට ජනාධිපති පෙරට නොපැමිණිම විශාල ගැටලුවක් බව පාරිභොගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වංචා දූෂණ හෙළි කලද ඒවා පිළිබදව සොයා බලා නිසි පියවර ගැනීම සදහා ජනාධිපති මෙතෙක් කටයුතු කර නොමැති බවයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ

” අප විසින් හෙළිදරව් කරන ලද ආසන්නම වංචාව හා දූෂණය වූයේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පරිගණක ජාල ගත කිරීම සදහා වන ටෙන්ඩරයයි.
එම ටෙන්ඩරය සදහා 2016 වසරේ අගෝස්තු මස අංක NSB/CAPC/ITS/NCB/2016/001 යටතේ ටෙන්ඩර්පත් කැදවා තිබුනි. මෙම ටෙන්ඩරය දූෂීත ලෙස සුදුසුකම් නොමැති සමාගමක් වෙත ලබා දීමට සූදානමක් ඇත.

එම ටෙන්ඩරය සදහා වන තාක්ෂණික කමිටුවේ සමාජිකයින් තුන් දෙනෙකු හට කිසිදු තාක්ෂණික සුදුසුකමක් නොමැත. එම තුන්දෙනා සේවය කරන්නේ ද ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ මය. ජනාධිපතිතුමනි ඔබට මේ රටේ දූෂණය නැවැත්වීම සදහා අවංක උවමනාවක් ඇත්නම් මෙම ටෙන්ඩරය පිළිබදව සොයා බලන්න.
ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ කූට නිළධාරිවරැනි ඔබේ වෙළද දැන්වීමට අපේ හඩ නිහඩ කිරීමට උත්සහකලද මෙම මෙම දූෂිත ටෙන්ඩරය අදාල සමාගමට ලබා දුන හොත් අප විසින් අධිකරණයේ පිහිට පතන බවද මතක් කරන අතර අප විසින් එවනි දූෂීත ටෙන්ඩරයක් වන කෙලවරපිටිය විදුලිබලාගාරයට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩු පවරා ඇති බවද තවදුරටත් මතක් කරමි. යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *