• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා!

26 September 2024
in දේශීය, පුවත්
ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා!

පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද දැනුම් දුන්නේය.

ඉදිරියේදී ජනතාවට බාධාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහිදී නිලධාරීන්ට පෙන්වා දුන් ජනාධිපතිවරයා ලබන වර්ෂයට අදාළව ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා කාර්යක්ෂමව කටයුතු කරන ලෙසට උපදෙස් දුන්නේය .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීවෙි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදීය.

විදුලිබල අමාත්‍යාංශය සඳහා ඉන්දියානු ආධාර මත ලැබී තිබෙන සූර්ය පැනල කඩිනමින් පිරිවෙන් අටසියය සඳහා ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා විදුලිබල අමාත්‍යාංශය මඟින් සකස් කරන ලද මාර්ග සිතියමක් හරහා එම කටයුතු ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

විදුලිබල අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ සහ විදෙස් ණය යටතේ ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කඩිනම් කිරීමේ අවශ්‍යතාවයද මෙහිදී පැහැදිලිකළ ජනාධිපතිවරයා විදෙස් ආධාර මත ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිවලට මාස තුනක් ඇතුළත අනුමැතිය ලබා දීමට කමිටුවක් පත් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

එම කමිටුව හරහා විදෙස් ආධාර මත සිදු කරන ව්‍යාපෘති කඩිනම් කිරීමට හැකියාව ලැබෙන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

මේ අතර ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කර ගමට මුදල් යෑමේ ක්‍රමවේදය කඩිනමින් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඒ තුළින් ග්‍රාමීය ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කළ හැකි බව පැවසීය.

මෙම කටයුතුවලදී රාජ්‍ය නිලධාරීන්ට මහත් කාර්යභාරයක් පැවරී ඇති බවත්, ඒ වෙනුවෙන් සියලුදෙනා කැපවී කටයුතු කරනු ඇති බවටත් ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටිය

 

Post Views: 50
Previous Post

කොළඹ පොත් මංගල්‍ය හෙට

Next Post

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ සභාපති ඉල්ලා අස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved