• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඇමැති රිෂාඩ් ත්‍රස්තවාදයට සම්බන්ධනම් එල්ලුම් ගස් යවන්න සහාය දෙන බව මන්ත්‍රී මනුෂ කියයි

26 May 2019
in දේශීය

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සම්බන්ධයෙන්, ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා ‌පොලීසිය භාර ඇමැතිවරයා වහාම කටයුතු කළ යුතු බවත් ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් ‌නොව එල්ලුම් ගස් යැවීමට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සුදුසු ස්ථානය පාර්ලිමේන්තුවට ‌නොවන බවත් පාර්ලිමේන්තුවේ ‌දේශපාලන ‌ගේම් ගැසීම කිසිදු ඉඩක් ලබා ‌නොදෙන බවත් ගාල්ලේදී අද (26) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ අදහම් පල කර සිටියේය“මේ ‌වෙලාවේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට විරුද්ධව ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පාර්ලිමේන්තුවට පරීක්ෂණ කිරීමට බලයක් නෑ. පාර්ලිමේන්තුවට පුලුවන් ‌වෙන්නේ විවාද කරලා ඡන්දයක් අරගෙන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ පැත්තට ඡන්ද අඩුනම් ඔහු පාර්ලිමේන්තුවෙන් යවන්න ‌වෙනවා. ඔහුගේ පැත්තට ඡන්ද වැඩි නම් පාර්ලිමේන්තුවේ තියාගන්න ‌වෙනවා. ත්‍රස්තවාදියෙක් වුනත් ඔහු වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තොත් පාර්ලිමේන්තුවේ තියාගන්න ‌වෙනවා. ඔහුට ලබාගත හැකි ඡන්ද ප්‍රමාණය අඩුවුනොත් විතරයි පාර්ලිමේන්තුවෙන් යවන්න පුලුවන් ‌වෙන්නේ.

අපි වහාම වගකීමෙන් ආරක්ෂක ඇමැතිවරයාගෙන්, ‌පොලීසිය භාර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ වහාම පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන්න කියලයි. ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගන්න විතරක් ‌නෙමෙයි එල්ලුම් ගහට අරගෙන යන්න. ඒකට අවශ්‍ය සහාය පාර්ලිමේන්තුව විදියට අපි ලබාදෙනවා. අපි ‌හොරු රකින්න සූදානම් නෑ. ත්‍රස්තවාදීන් රකින්න අපි සූදානම් නෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේ ‌දේශපාලන ‌ගේම් ගහන්නත් අපි ඉඩ ‌දෙන්නේත් නෑ. මේවායේ පිටුපස තියෙන්නේ ‌දේශපාලනය. අපිට යූ.එන්.පී. ශ්‍රී ලංකා කියන එක අදාල නෑ. අපිට අදාල‌ ‌වෙන්නේ රටයි. රටේ ආරක්ෂාවයි. කැත විදියට, මිනිස්සු ‌දෙසීය ගණනකගේ මිනී උඩින් ගිහින් ‌දේශපාලනය කරන එක වැරදියි. ‌මේ ‌වෙලාවේ සියලු ‌දෙනාම එකතුවෙලා ‌හෙට දවසේ රටේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න ඔ්න. ‌හෙට දවසේ අපේ දරුවන්ට නිදහසේ ජීවත්විය හැකි රටක් ‌ගොඩ නැගිය යුතුයි. එතැනදී ‌හෙට රටේ ජනාධිපතිවෙන්නේ කවුද, ‌හෙට රටේ අගමැති ‌වෙන්නේ කවුද කියන එක අපිට අදාල ‌වෙන්නේ නෑ. අපිට ඔ්න ‌හෙට අපේ දරුවන්ට ‌හොද රටක්. ඒතැනදී ‌කොන්දේසි විරහිතව රට පැත්තේ හිට ගැනීමට සූදානම්. අපිට අවශ්‍ය ‌මේ රට ‌වෙනුවෙන් වැඩ කිරීමයි. ‌මේ ශ්‍රී ලාංකික ජාතිය ආරක්ෂා කිරීමටය. මම පාර්ලිමේන්තුවේදි එක රටක් එක නීතියක් කියන ‌යෝජනාව අරගෙන ආවා. අගමැතිතුමා සිකුරාදා තානාපතිවරු හමුවුන අවස්ථාවේදී කිව්වේ ‌මේ රටේ විවාහ නීතිය ඒකක් කරනවා කියලයි. ඒ් වගේ සියලුම නීති රටේ ඒක නීතියක් බවට පත්වෙනවා. ඒවිට අන්තවාදීන්ට තමන්ට ඔ්න විදියට රගන්න ‌අවස්ථාවක් නැතිවෙනවා. ඒ්කට අවශ්‍ය පසුබිම අපි ආණ්ඩුවක් විදියට හදනවා. ඒක හදන්නේ නැතිව ‌දේශපාලන වාසි ලබාගැනීමට රට අනාරක්ෂිත බව කියනමින්, තැන් තැන්වල ජාතිවාදී ‌කෝලහාල ඇති කරමින්, තැන් තැන්වල ‌බෝම්බ තියලා ඡන්දය ගන්න හදනවානම්, බලයට ඒන්න හදනවා නම් ශ්‍රී ලාංකික ජාතියක් ‌ලෙස ඒයට විරුද්ධව සියලුදෙනාම නැගී සිටුවීමට අපි සූදානමින් සිටිනවා. යැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.

Post Views: 5
Previous Post

අරාබී භාෂා පුවරු වහාම ඉවත් කරන ලෙස ඇමැති වජිරගෙන් නියෝග

Next Post

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

editor

editor

Next Post

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved