• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් – ඉඩම් ලබා දෙන යුගයයි මේ ! -ඇමැති සජිත්

23 October 2018
in සංවර්ධන

දශකයක කාලයක් පුරා මෙරට පාලකයින් සහ ඔවුන්ගේ ගෝලබාලයින් සිදුකළ ඉඩම් මංකොල්ල කෑ යුගය අවසන් කර ජනතාවට ඉඩම් ලබාදීමේ යුගය අද යහපාලන රජය ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, කීර්තිපුර, අග්බෝපුර හා කරඹවැව ප්‍රදේශවල ඉදිවන “සිරිදිනිතිගම”, “සහස්මාතාගම”, “සත්මාතාගම”, “සියමව්ගම” සහ “සෙනේමාතාගම” යන උදාගම්මාන 5 ට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (23) දින සහභාගී වෙමින්.
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මැතිණියගේ ඡන්ම දිනයට සමගාමීව මෙම ගම්මාන 5 ට මුල්ගල තැබිණි.

‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ දිවයිනේ ඉදිවෙන 1430, 1431, 1432, 1433 හා 1434 වන ආදර්ශ ගම්මාන මේවා වේ. මෙම උදා ගම්මාන 5 හිම නිවාස 25 බැගින් ඉදිවේ

හම්බන්තොට, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ අසරණ ගොවීන්ගේ කුඹුරු ඉඩම්වල ගුවන්තොටුපළක් ඉදිකිරීමට සැළසුම් කළ පසුගිය නායකයින් අද ගොවීන් ආරක්ෂා කරනවා යැයි හඩනගා පැවසීම සුපිරි දිව දෙකේ කතාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

එදා කුඹුරු ඉඩම්වල ගුවන්තොටුපළ ඉදිකිරීමට විරුද්ධව ගොවීන්ගේ නැගී සිටීම හේතුවෙන් එම ව්‍යාපෘතිය නතර වූ නමුත් පසුව එම භූමියෙන් මහරජතුමාගේ දේශපාලන ගෝලයෙකුට අක්කර 35 ක පමණ ඉඩමක් ලබාදී ඇති බවත්, කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව රාජ්‍ය භීෂණයෙන් හා රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අල්ලාගත් එම ඉඩම්වල අද යහපාලන රජය නිවාස නොමැති අසරණ ජනතාව උදෙසා උදා ගම්මාන ඉදිකරන බවත් පැවසීය.

රහස් ඔත්තු සේවාවන් ගැන විරුද්ධවාදීන් මාධ්‍ය ඔස්සේ අද කතා කළද ඉඩමක් නොමැති පවුලකට ඉඩමක් ලබාදී එහි නිවසක් ඉදිකර දෙන උදාගම් වැඩසටහන මගින් ජනතාවට ලැබෙන සහන පිළිබඳ කිසිවිටක කතා නොකරන බවත්, උදාගම් වැඩසටහන අද ඔවුන්ගේ තහනම් වචනය වී ඇති ඇත්තේ ඔවුන් බලයට පැමිණි පසු ඔවුන්ට කොල්ලකෑමට රටේ ඉඩම් නොමැති වේ යැයි සිතීම නිසා බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

 

Post Views: 8
Previous Post

හිතෙන වෙලාවට එක් වෙන්නයි ගලවන්නයි බෑ – ඇමැති දුමින්ද

Next Post

ජනපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ නඩුවේ ඉන්දියානුවා ලබන මස 21 යළි අධිකරණයට කැඳවයි

editor

editor

Next Post

ජනපති ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ නඩුවේ ඉන්දියානුවා ලබන මස 21 යළි අධිකරණයට කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved