• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

11 January 2024
in දේශීය, පුවත්
ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තය නංවාලීමට විශේෂ වැඩපිළිවෙළක් – ජනපති

ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද (11) පෙරවරුවේ එක් වෙමිනි.

බෙන්තොට සිනමන් බේ හෝටලයේ පැවත්වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වැනිදායින් අවසන් කෙරේ.

මෙහිදී වැඩිදුරටත් අදහස්දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ විදේශ විනිමය උපයා ගැනීමට අවශ්‍ය අලුත් ආර්ථිකයක් රට තුළ ඇතිකළ යුතුයි. එය අපනයන ආර්ථිකයක් විය යුතුයි. මේ කුඩා ප්‍රදේශයෙන් අපට ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකියාව තිබෙනවා එක අතකින් මැණික් කර්මාන්තයෙන් ආදායම් ලැබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයෙන් ද ආදායම් උපයා ගැනීමේ හැකියාව තිබෙනවා. එක් පැත්තකින් බේරුවල, අලුත්ගම සිට ගාල්ල දක්වා ධීවර කර්මාන්තය තිබෙනවා. මෙය ලෝකය සමඟ ගනුදෙණු කරන නගරයක්. ඒ වගේම ලෝකය සමග තරග කරන නගරයක්. අපේ රටේ අනෙක් ප්‍රදේශද මේ අන්දමින් සැලසුම් කළයුතුයි. අප රටක් ලෙස ඉදිරියට යනවා නම් අපේ උත්සාහයෙන් විදේශ විනිමය උපයාගත යුතුයි. ඕනෑම කෙනෙක්ට ඕන දෙයක් කියන්න පුළුවන්. නමුත් ප්‍රතිඵල තිබෙන්න ඕන. මට අවශ්‍ය මේ වසරේ 2%ක ආර්ථික වර්ධනයක් ඇති කිරීමට. එය කුඩා ප්‍රමාණයක් වුවත් පසුගිය වසරේ මෙරට ආර්ථිකය සෘණ 7%ක් දක්වා කඩා වැටී තිබු බව සිහිපත් කළයුතුයි. නමුත් දැන් අප ක්‍රමයෙන් ඉදිරියට එමින් සිටිනවා. 2025 වසරේදී එම ආර්ථික වර්ධනය ධන 5%ක් දක්වා ඉහළ නංවා ගැනීමට අප අපේක්ෂා කරනවා. ඉන් පසුව 7% – 8%ක ආර්ථික වර්ධනයක් ඉලක්ක කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. මේ අන්දමින් කටයුතු කළහොත් වසර 05ක් තුළ රට ගොඩගැනීමට හැකියාව තිබෙනවා. අද රටේ සියලු පුරවැසියන් ජීවන වියදම පිළිබඳ ගැටළුවකට මුහුණ දී සිටිනවා. අපි සියලුදෙනා එකතුව රටේ සැබෑ තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව ඉදිරියට ගියහොත් වසර 02ක් යන විට මෙම තත්ත්වයෙන් නිදහස් වීමට හැකි වන බව මම විශ්වාස කරනවා. එසේ ගොඩනගන මේ රටේ අනාගතයේ වාසිය හිමි වන්නේ මට නොවෙයි. එම වාසිය ලැබෙන්නේ මෙරට තරුණ ප්‍රජාවටයි. එම තරුණ ප්‍රජාවගේ අනාගතය වෙනුවෙන් හොද ආර්ථිකයක් අපි ඇති කරනවා කියා මම ප්‍රකාශ කරන්න කැමතියි යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු අමාත්‍ය ඒ.එච්.එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, චීන කොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල්, “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සභාපති හිල්මි කාසීම්, උපසභාපති රිස්වාන් නයීම් යන මහත්වරුන් ද, විදේශීය තානාපතිවරු, චීන රජයේ නියේජිතයන් ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 68
Previous Post

රටේ පවතින ප්‍රශ්න වැඩිකිරීමෙන් සංචාරකයින්ගේ පැමිණීම අඩුවනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Next Post

සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

editor ttvnews

editor ttvnews

Next Post
සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසන ආහාර වේලක් - රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved