• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉන්ධන වෙනුවෙන් ගෙවීම් කිරීමට සැලසුමක් ඇතිව කිරීමට මහබැංකු අධිපති එකඟවෙයි – ජනාධීපති මාධ්‍ය අංශය

27 June 2022
in දේශීය

ඉන්ධන සැපයුම වෙනුවෙන් අදාළ සමාගම් වෙත ගෙවීමට ඇති මුදල් යම් සැලැස්මක් ඇතිව ගෙවීමට මහබැංකු අධිපතිවරයා එකඟතාව පළ කල බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එතෙක් දැනට ඇති මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබී ය.

දීර්ඝ කාලයක සිට මෙරටට ඉන්ධන ආනයනය කොට සැපයුම් කළ ප්‍රධාන සමාගම්වල නියෝජිතයන් අතර අද (27) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

තෙල් සැපයුම යථාවත් කිරීම සදහා මහබැංකුවෙන් සහ ඛනිජ තෙල් සංස්ථාවෙන් මුදල් ලබා දීමටත්, මෙතෙක් අනුගමනය කළ ණයවර ලිපි විවෘත කිරීමේ ක්‍රමවේදයට ඉන්ධන ලබා ගත නො හැකි වුවහොත් යම් සහන කාලයක් ඇතුළත ඉන්ධන ලබා ගැනීමට අදාළ මවු සමාගම් සමඟ සාකච්ඡා කිරීමටත් තීරණය කෙරිණ.

ඉදිරි මාස කිහිපය සඳහා ඉන්ධන සැපයුම කළමනාකරණය කිරීමට සහ නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

මහබැංකු අධිපතිවරයා හා මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ඝෘජුව මැදිහත්ව ඉන්ධන සැපයෙන මවු සමාගම්, ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ අවශ්‍යතාව ඉන්ධන සැපයුම් නියෝජිතයෝ පෙන්වා දුන්හ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් ලේකම් කේ.එම්.එම් සිරිවර්ධන, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මාපා පතිරණ යන මහත්වරු, බලශක්ති ආයතන සහ රාජ්‍ය මූල්‍ය ආයතන ප්‍රධානීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.

Post Views: 15
Previous Post

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් උපකාර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා උපදෙස් දුන්නා – ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය දූත පිරිස ජනපතිට කියයි

Next Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කළ තවත් 54 ක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved