• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊලාම් කොඩිය ඔසවපු අය ගෝඨාභයට එකතුවෙද්දී ශ්‍රී ලංකා ධජය ඔසවපු සම්බන්ධන් අපට එකතු වුනා

4 November 2019
in දේශීය

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි.

කෙසේ වෙතත් කලක සිටම ටි එන් ඒ සංවිධානය තම පක්ෂය හා එක්ව වැඩ කල බව සිහිපත් කල අමාත්‍යවරයා මෙම සහයෝගය දැක්වීම තම ප්‍රතිවාදී කදවුර විසින් කොටින්ගේ සහයෝගයත් සජිත් ප්‍රේමදාස කදවුරට ලැබී ඇති බවට හුවා දැක්වීමට පාවිච්චි කරනු ඇති බව කියා සිටියේය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ” අපි මෙතැනදී මතක් කරන්න ඕන රට බෙදන අය කොහෙද ඉන්නෙ රට එකතු කරන අය කොහෙද ඉන්නෙ කියල. සම්බන්දන් මැතිතුමා ගැන මට මතකයි 2012 දී අපි යාපනේ මැයි දිනේ තියන්න එක්සත් ජාතික පක්ෂයෙන් ගියපු වෙලාවේ අපේ වේදිකාවට නැගල ශ්‍රී ලංකාවේ ධජය ඔසවපු ශ්‍රී ලංකාවේ ධජය ජනතාවට වනපු සම්බන්දන් තමයි ටි එන් ඒ නායකය. එතුමා තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නෙ. මිත්‍රවරුනි අනිත් කදවුරේ කවුද ඉන්නෙ ගෝඨාභය රාජපක්ෂ එක්ක එකතු වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙමෙයි 1990 ත්‍රිකුණාමල නගරයේ වෙනම ඊලම් රාජ්‍යක් ප්‍රකාශ කරල ලංකා ඉතිහාසයේ ප්‍රථම සහ එකම වතාවට ඊලම් කොඩිය ප්‍රසිද්ධියේම ඔසවපු වර්ධරාජා පෙරුමාල්ල. අද කොහෙද ඉන්නෙ? අද ගෝඨාභය රාජපක්ෂ එක්ක. ඒ විතරක් නෙමෙයි පොලිස් නිලදාරීන් 600ක් මරන්න නියෝග දුන්න, අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න නායකත්වය දුන්න කරුණා අම්මාන් ඉන්නෙ කොහෙද ගෝඨාභය රාජපක්ෂ එක්ක. ඒ වගේම නැගෙනහිර පළාතේ අහිංසක දෙමල දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන ගිහිල්ල එල්ටිටිඊ සංවිධනයට එකතු කරපු පිල්ලයාන් ඉන්නෙ කොහෙද. ඊයේ පෙරේද අර මහා දේශප්‍රේමිය මහින්ද රාජපක්ෂ හිරගෙදරත් යනව පිල්ලයාන් බලන්න. ඒ විතරක් නෙමෙයි. පසුගිය අප්‍රේල් වලින් පස්සේ යුඑන්පි අපට බැන්නා හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය වැහුවේ නෑ කියල. හිස්බුල්ල ත්‍රස්තවාදීන්ට උදව් කරනව කිව්වේ ඒ අයමයි. අද බලන්න හිස්බුල්ල කියනව මම දැක්ක ඒ අයගෙ දෙවන මනාපයත් ගෝඨාභයට දෙන්න කියල” ලෙස ද ප්‍රකාශ කරනා ලදී.

එමෙන්ම මෙම තරුණ සමුළුව සදහා මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරණ, වැලිගම නගරාධිපති රෙහාන් ජයවික්‍රම, ජාතික යොවුන් පෙරමුණේ උප සභාපති නාමල් විජිතමුණි සොයිසා ඇතුළු කථිකයන් රැසක් සහභාගී වූ අතර මාතර දිස්ත්‍රික්කය නියෝජණය කරමින් විශාල තරුණ තරුණියන් පිරිසක්ද ඊට සහභාගී විය.

 

දිලිනි සමන්මලි 

 

Post Views: 7
Previous Post

වෙනසකට මුල පුරන්න මාලිමාවට ඡන්දය දෙන්න – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර

Next Post

අතපාන ජිවිත අපිට එපා … මේ රට නැගිට්ටවන්න අයයි ඕන – දුමින්ද

editor

editor

Next Post

අතපාන ජිවිත අපිට එපා ... මේ රට නැගිට්ටවන්න අයයි ඕන - දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved