• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ

21 February 2019
in සංවර්ධන

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ දී අද (21) පෙරවරුවේ ආරම්භ කෙරිනි.

විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන අතර, පළමු අදියරේ දී රෝහල් 200 කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත මේ වන විට දිවයින පුරා සියලුම රෝහල් පරිගණක ගත කිරීම ආරම්භ කර ඇත. 2019 වසර අවසන් වන විට රෝහල් 300 ක් පමණ පරිගණක ගත කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අපේක්ෂාවයි. ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල මිලියන 21 ක් වූ ජනතාවටම ඊ-හෙල්ත් කාඩිපත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙම කාඩ්පත මගින් කිසියම් රෝගියෙකුගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇත. රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කිරීමට හැකියාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේ දී පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධ වී ඇත. පෞද්ගලික සායන සහ පෞද්ගලික රෝහල් වලට ද ඊ-හෙල්ත් කාඩ්පත ලබාදීමෙන් ප්‍රතිකාර සේවා ලබාගැනීමට රෝගියාට හැකියාව ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීමේ වැඩපිළිවෙලට සමගාමීව බේරුවල මුලික රෝහලේ සහ බණ්ඩාරගම දිසා රෝහලේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරීමේ වැඩසටහන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (21) පස්වරුවේ සිදු විය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ඉෂ්ඨිකාර් ජමීල්, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය, කළුතර දිස්ත්‍රික් ලේකම් යු.ඩි.සී ජයලාල්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ඉන්දික ජාගොඩ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම්, කළුතර මහ රෝහලේ අධ්‍යක්ෂ ඉන්දික වන්නිආරච්චි ඇතුලු වෛද්‍යවරුන්, රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

 

 

 

 

 

 

Post Views: 11
Previous Post

මගේ සුජාත දරුවා අපචාරයට ලක්වෙලා – ජනපති

Next Post

එන්න ඇමැතිකමක් ගන්න ..! සුමන්තිරන්ට ඇමති පාඨලි කියයි

editor

editor

Next Post

එන්න ඇමැතිකමක් ගන්න ..! සුමන්තිරන්ට ඇමති පාඨලි කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved