• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උග්‍ර විෂ සහිත පළිබෝධනාශක භාවිතය අඩු කරයි

27 May 2018
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ වී, එළවළු, පළතුරු ඇතුළු බෝග සඳහා භාවිතා කෙරෙන පළිබෝධනාශක අතරින් අධි විෂ සහිත පළිබෝධනාශක භාවිතය මේ වන විට විශාල වශයෙන් අවම වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ශ්‍රී ලංකාවේ පළිබෝධනාශක භාවිතය සම්බන්ධව නිලධාරීන්ගෙන් තොරතුරු විමසනු ලැබීය. එහිදී එම නිලධාරීන් ප්‍රකාශ කළේ” මේ වන විට අධිවිෂ සහිත පළිබෝධනාශක භාවිතය අවම වෙමින් තිබෙන අතර, මඳ විෂ සහිත පළිබෝධනාශක භාවිතය වැඩි වෙමින් පවතින බවයි.

පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයේ තොරතුරු අනුව, උග්‍ර විෂ සහිත පළිබෝධනාශක වර්ග 40 ක් 2002 වර්ෂයේ භාවිතා කළත්, මේ වන විට එය 01 ක් දක්වා 98% න් අඩු වී ඇත.

එමෙන්ම සාමාන්‍ය විෂ සහිත පළිබෝධනාශක 187 ක් 2002 වසරේ ලියාපදිංචි කර ඇති අතර, එය 2016 වර්ෂය වන විට 133 දක්වාත්, සුළු විෂ සහිත පළිබෝධනාශක වර්ග 88 ක් 2002 දී ලියාපදිංචි කර ඇති අතර, එය මේ වන විට 168 ක් දක්වාත්, ඉතාමත් මඳ විෂ සහිත පළිබෝධනාශක වර්ග 115 ක් 2002 වර්ෂයේ භාවිතා කළ අතර, මේ වන විට 162 දක්වාත්, ඉහළ ගොස් ඇත.

විෂ භාවයෙන් අධික උග්‍ර අවදානම් සහිත පළිබෝධනාශක භාවිතය අවම කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙන අතර බෝග වල පළිබෝධනාශක අවශිෂ්ට පරීක්ෂා කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජාතික වැඩසටහනක් ආරම්භ කරනු ඇත.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ, වස විසෙන් තොර වගාව සඳහා ගොවිජනතාව උනන්දු කළ යුතු බවයි. කාබනික ගොවිතැන දිරිගැන්වීමට ගොවිජනතාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Post Views: 9
Previous Post

මට පුළුවන් කියලා මංගල දන්නවා – ගෝඨාභය

Next Post

විදෙස් ශ්‍රමිකයින් ගෙන්වන්න – මහින්දානන්ද කියයි

editor

editor

Next Post

විදෙස් ශ්‍රමිකයින් ගෙන්වන්න - මහින්දානන්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved