• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උතුරේ 7ක් බිලිගත් හඳුනා නොගත් රෝගය මී උණ බවට තහවුරුයි

13 December 2024
in දේශීය
උතුරේ 7ක් බිලිගත් හඳුනා නොගත් රෝගය මී උණ බවට තහවුරුයි

වසංගත රෝග විද්‍යා අංශය

උතුරු පළාතේ සත් දෙනකුට මරු කැඳවූ හඳුනා නොගත් උණ රෝගය මෙතෙක් සිදු කළ පරීක්‍ෂණවලින් මී උණ බවට තහවුරු වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

යාපනය දිස්ත්‍රික්කයෙන් මී උණ වැලඳුණු රෝගීන් 40 දෙනකු මේ වන විට වාර්තාවී ඇති බව සෞඛ්‍ය අංශ කියයි. ඉන් වැඩි පිරිසක් පේදුරුතුඩුව, කරවෙට්ටි, චාවකච්චේරි යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශවලින් වාර්තා වේ. එම රෝගීහු අවුරුදු 20ත් 62ත් අතර වයසේ පසුවෙති.

මී උණ රෝගයෙන් යාපනය දිස්ත්‍රික්කයේ මියගිය පුද්ගලයන් ගණන 7 දක්වා ඉහළ නැඟ තිබේ. මියගිය අයගේ මරණ පරීක්ෂණවලදී ඔවුන්ට ශ්වසන අපහසුතා පැවැති බව අනාවරණයවී ඇතැයි යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛi ටී. සත්‍යමුර්ති මහතා පැවැසීය.

මියගිය පුද්ගලයන්ගේ ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ මහනුවර ශීක්ෂණ රෝහලට යොමු කර තිබේ.

යාපනය ප්‍රදේශයට පසුගියදා බලපෑ අධික වැසි සහිත කාලගුණය මෙම රෝග ව්‍යාප්තියට එක් හේතුවක් වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි තුෂාණි දඹරේරා මහත්මිය මාධ්‍ය හමුවේ ඊයේ (12දා) මෙසේ පැවැසුවාය.

“මේ පැතිර යන රෝගී තත්ත්වය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම රෝගීන් කීපදෙනකුගේ නියැදි සාම්පල් ප්‍රතිඵල ලැබී තිබෙනවා. ඒ රෝගීන්ට වැලඳී තියෙන්නේ මී උණ කියලා තහවුරු වී තිබෙනවා. අනෙකුත් රෝගීන්ගෙත් පර්යේෂණ කටයුතු මේ වනවිට සිදු වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා හා වෙනත් රෝග තත්ත්වයන් මේ අතරේ තිබේද කියා තහවුරු කර ගැනීමට පරීක්‍ෂණ සිදු කරනවා.

“රෝග ආවේක්ෂණය සහ අපිට තිබෙන දත්ත අනුව මෙය මී උණ රෝගී තත්ත්වයක් කියා සැක කළ හැකියි.

යාපනයේ ගංවතුර තත්ත්වයක් තිබුණු නිසා පසුගිය සමයේ අප හිතනවා බැක්ටීරියා ආසාදන ජලය නිසා මේ මී උණ රෝගය මේ ආකාරයෙන් පැතිරෙන්න ඇති කියලා.

මේ තත්ත්වය පාලනය කිරීමට ළිංවලට ක්ලෝරීන් එක්කර පානය කිරීම, කුඹුරුවලට බැසීමෙන් හැකිතාක් වැළැකී සිටීම වැනි පියවර ගත හැකි බවද සෞඛ්‍ය අංශ පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

Post Views: 52
Previous Post

අසාද් සාලිට රු. 75000ක වන්දියක් ගෙවිමට රජයට නියම කරයි

Next Post

ජනවාරියේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

Editor TTV News

Editor TTV News

Next Post
ජනවාරියේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

ජනවාරියේ හොඳම නිවාඩු ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved