• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට පත්විය නොහැකියි, අගමැතිනිය කියයි

11 March 2025
in පුවත්
උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට පත්විය නොහැකියි, අගමැතිනිය කියයි

මේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ගැන සෑහීමකට පත් විය නොහැකි බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා,

අගමැතිනිය මේ බව ප්‍රකාශ කළේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතනය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිනිය, පවසා සිටියේ, ඒ තත්ත්වයට පත්වීමට පසුගිය කාලයේ සිදුවූ ආයතනික බිඳවැටීම් හේතු වී ඇති බවය.

මෙහි දී අගමැතිනිය වැඩිදුරටත් පවසා සිටියේ,

සෑම ක්ෂේත්‍රයකින්ම රටට අවශ්‍ය නායකයින් බිහි නොකර මේ රට වෙනස් කරන්න බෑ කියන කාරණය අපි රජයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ නිසා අධ්‍යාපනය නිවැරදි මගට යොමු කරන්න අපි ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කරනවා.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ පළමු පියවර ලෙස දැනට සම්පූර්ණ නැති යටිතල පහසුකම් සම්පූර්ණ කරන්නත්, පවතින පුරප්පාඩු පුරවන්නත්, දැනට පවතින විෂය නිර්දේශයේ ගුණාත්මකභාවය වැඩිකරන්නත් අපි උසස් අධ්‍යාපන ආයතනවලටත් උපදෙස් ලබා දීලා තිබෙනවා.

පසුගිය කාලය පුරාවට ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වුණත් නේවාසික පහසුකම් වැඩි වෙලා නෑ.

මුල්‍යමය හෝ වෙනත් ගැටළු ඒ සඳහා තියෙන්න පුළුවනි.

නමුත් සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යන්ට නේවාසික ගැටලු විසඳීමට කුමන හෝ පියවරක් ගතයුතුයි.

ඒ සඳහා ප්‍රමුඛතාව දෙන්න කියලා අපි කියලා තියනවා.

හැම ආයතනයකටම අරමුණක් තියෙන්න ඕන.

හාඩි විශ්වවිද්‍යාලයට වගේම හැම ආයතනයකට සුවිශේෂි බවක් තිබෙනවා.

ඒ තත්වය ආරක්ෂා කරගෙන අද්විතිය මට්ටමට ඒ ඔස්සේ යායුතුයි.

විවිධත්වයක් තියන ආයතන ගණනාවක් ඒ ආයතන තමන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් අරමුණ කරා යන්න කියලා මම යෝජනා කරනවා.

ඉදිරි කාලයේ පාසල් අධ්‍යාපනය තුළත් අපි වැඩි ප්‍රමුඛතාවක් දෙන්නේ වෘත්තීය අධ්‍යාපනය සංවර්ධනය කරන්න.

එවැනි තත්ත්වයක් තුළ හාඩි විශ්වවිදයාලය වැනි ආයතන වලට වැඩි අවධානයක් ඉදිරියේදි යොමු වෙයි.

උසස් අධ්‍යාපනයෙන් පසු වැඩි ශිෂ්‍ය පිරිසක් යොමු වෙන්නේ වෘත්තීය අධ්‍යාපනයට ඒ නිසා වර්තමාන රැකියා වෙළඳ පොළට පමණක් නෙමෙයි අනාගත රැකියා වෙළඳපොළත් පුරෝකතනය කරමින් ඊට සුදුසු මානව සම්පත බිහි කරන්න කටයුතු කළ යුතුයි.

මේ රටේ උසස් අධ්‍යාපන ආයතන වල ගුණාත්මකභාවය ගැන අපිට සෑහීමකට පත් වෙන්න බැහැ.

Post Views: 60
Previous Post

ශ්‍රී ලාංකිකයින් 6160කට ඊශ්‍රායලයේ රැකියා

Next Post

බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට

Editor TTV News

Editor TTV News

Next Post
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට

බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතිය තුළ පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved