• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එක තරගයක් දින්නා කියලා ඔහොම දඟලන්න ඕන නැහැ – ඇමැති අර්ජුන කියයි

18 February 2019
in දේශීය

දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ එම විඩියෝව සමාජ ජාලාවලට මුදා හැරි පුද්ගලයා සොයා ගෙන පළමුව ඔහුට දඩුවම් කළ යුතු බවයි. මෙම සිද්ධිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ විනය පිරිහීමේ තරම පෙන්නුම් කරන්නක් බවද ඔහු කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රත්මලාන දුම්රිය අංගණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.
එහිදි අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “අපේ කාලේ අපි තරගයක් ජයග්‍රහණය කළාම විතරක් නෙමෙයි, තරගයක් අවසන් වුණාමත් අපි අභ්‍යන්තර සාකච්ඡා රැසක් පවත්වනවා. එම සාකච්ඡාවලදී අපි බෙහෝ දේ සාකච්ඡා කරනවා. නමුත් කවදාවත් ඒවා පිටට ගියේ නැහැ. අභ්‍යන්තර සාකච්ඡා එළියට ගියේ නැහැ. අපිට තිබුණා විනයක්. ඒ විනය අද නැති නිසා තමයි මේ වගේ සිදුවීම් වෙන්නේ. ඉස්සෙල්ලාම මේක කරපු මිනිහා කවුද කියලා බලන්න ඕන. මම ක්‍රිකට් පරිපාලනයේ සිටිය නම් ඕක ටේප් කරපු මනුස්සයා කවුද ? මාධ්‍යයට දුන්නේ කවුද කියලා ඉස්සෙල්ලාම හොයා ගෙන ඔහුව එලවලා දානවා.

අපේ ක්‍රීඩකයින්ට ක්‍රිකට් පරිපාලකයින්ට විනයක් තියෙන්න ඕන. ක්‍රීඩකයෝ සමහර වෙලාවට ලයින් එකෙන් පිටට යනවා. එක තරගයක් දින්න කියලා ඔහොම දඟලන්න අවශ්‍ය නැහැ. රටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට. අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්. විනය නැතිකම පෙන්නුම් කරන්නක්. මේ විනය පිරිහීමට මුලික වුණේ මේ දරුවන්ගේ වරදක් නිසාම නෙමෙයි. මේ විනය පිරිහීමට හේතු වුණේ බුකිකාරයෝ සූදුකාරයෝ මේ ක්‍රිකට් ක්‍රීඩාවට පැමිණීම. අද ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම සූදුවක් බවට පත් වෙලා. අපි මේ විනාශය ලබන 21 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය ලැබුවාට පසුව සම්පූර්ණයෙන්ම නතර කරනවා. ක්‍රිකට් නිලවරණයේදී අපිට හොරුන්ගේ ඡන්දේ එපා. හොරු හැමදාම හොරුන්ට ඡන්දේ දෙයි. ඒ හොරුන්ට ඡන්දේ දෙන හොරු කවුද කියලත් අපි ඉදිරියේදී නම් ගම් සහිතව පෙන්නුම් කරනවා…..”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

Post Views: 15
Previous Post

පාඩු ලැබු ආයතන දැන් ක්‍රියාශිලි ආයතන බවට පත් කරනවා – අගමැති

Next Post

ජනපි‍්‍රය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් රටට අවශ්‍යයි – ඇමති පාඨලි

editor

editor

Next Post

ජනපි‍්‍රය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් රටට අවශ්‍යයි - ඇමති පාඨලි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved