27 July 2024
#දේශීය

එජාපය අලුත් ගමනක් – සජිත්ට තැනක් දිය යුතුයි

එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ සිටින පිරිසගේ බලාපොරොත්තුව වුණේ පක්ෂය තුළ වෙනසක් ඇති විය යුතු බව යැයි එම පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය අලුත් ගමනක් යායුතු යැයි බොහෝ පාක්ෂිකයින් සිතන බවයි. ඒ අලුත් ගමනට තෝරා ගන්නා පිරිස කවුරුන් ද යන්න එක්සත් ජාතික පක්ෂයේ කාර්යයක් බව හෙතෙම පැවසිය.

සජිත් ප්‍රේමදාස මහතාට මේ වන විට බිම් මට්ටමේ පිරිසගේ සහයෝගයක් ලැබී ඇති බව පෙනෙන්නට ඇති අතර පක්ෂයේ සියළු දෙනාගේ සහය ඇතිව ඉදිරි ගමන යායුතු බව අත්තනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *