• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාප පාක්ෂිකයින්ගේ ගැටළුවලට කඩිනම් විසදුම්

7 June 2018
in ක්‍රීඩා

එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් මුහුණ දෙන අභියෝග සහ ගැටළුවලට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂ යාන්ත්‍රණය සමග සම්බන්ධ වී සිටින සංවිධාන සහ පුද්ගලයින් සමග පක්ෂයේ ඉදිරි ජයග්‍රාහී වැඩපිළිවෙළ සකස්කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකායේ නිලධාරීන් ඇතුළු ක්‍රියාකාරීන් සහ එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික් හා කලාප ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා ජාතික සේවක සංගම් මූලස්ථානයේ දී විශේෂ සාකච්ඡාවක් මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය නායකයින් සහ පාක්ෂිකයින් මුහුණ දෙන ගැටලු සහ අභියෝග පිළිබඳ පුළුල් කතිකාවක් ඇති කොට රටේ සහ පක්ෂයේ ඉදිරි ජයග්‍රහණ වෙනුවෙන් අවශ්‍ය ක්ෂණික ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර ඇති බව මහලේකම්වරයා පැවසුවා.

පක්ෂ සාමාජිකයින්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය විසඳුම් කඩිනමින් ලබාදීමටත් පක්ෂය ජයග්‍රාහී මාවතකට රැගෙන යාම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවත් මෙහි දී පුළුල් ලෙස සාකච්ඡා කරනු ලැබුවා.

බලලෝභී ඒකාධිපති පාලන ක්‍රමයක් පරාජය කරමින් මෙරට මෑත දශක කීපය ඇතුළත සිදු වූ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ලෙස සැලකිය හැකි 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් රටේ ජනතාවට ලබා දුන් ජයග්‍රහණය සඳහා ප්‍රාදේශීය දේශපාලන නායකයින් සිදු කරන ලද අභීත කැපකිරීම් මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සිහිපත් කළා.

පාක්ෂිකයින් බලමුළු ගන්වමින් රටේ ජයග්‍රහණ මෙන් ම පක්ෂයේ ජයග්‍රහණය සඳහා ප්‍රාදේශිය දේශපාලන නායකයින් සතුව සුවිශේෂී හැකියාවක් ඇති බව අවධාරණය කළ මහලේකම්වරයා ඔවුන් සහ පාක්ෂිකයින් මුහුණ දෙන අභියෝග සහ ගැටළු හඳුනාගෙන ඒ සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව පැවසුවා.

Post Views: 18
Previous Post

කිර්තිව පැය 3360 ක් රවටලා

Next Post

20 න් රට බෙදනවා කිව්වොත් අපි අස්කර ගන්නවා

editor

editor

Next Post

20 න් රට බෙදනවා කිව්වොත් අපි අස්කර ගන්නවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved