27 July 2024
#දේශීය

එයාලා බයයි … තියන්නේ ජනාධිපතිවරණයයි …! විපක්ෂ නායක මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව ඒ අයගේ දුෂණ වංචා සම්බන්දයෙන් කතා නොකරන බවත් ජනාධිපතිවරයාම පවසා ඇත්තේ හොරු ඉන්න ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

බැදුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට, ආණ්ඩුව නඩු පැවරීමක් සිදුනොකරන බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඇල්පිටිය – පිටිගල ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.

එහිදී රාජපක්ෂ මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව මැතිවරණ වලට භය බවත් ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *