• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එළවළු පළතුරු සහ පොල්තෙල් පර්යේෂණ අවසන් … ප්‍රතිඵල ජනතාවට දැනුම් දෙන බව ඇමති රාජිත කියයි

3 April 2019
in දේශීය

එළවලු පළතුරු සහ පොල්තෙල් වර්ගවල අඩංගු සංඝටක සහ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබදව පර්යේෂණ සිදු කර අවසන් වී ඇති බැවින් ඒ පිළිබදව අවශ්‍ය ක්‍රියාමාර්ග සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ආහාර සුරක්ෂිතතා සතිය පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විනි. අප්‍රේල් මස 01 සිට 07 දක්වා ආහාර සුරක්ෂිතතා සතිය ක්‍රියාත්මකයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ” සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයේ දී ද, නත්තල් හා අළුත් අවුරුද්ද වෙනුවෙන් දෙසැම්බර් මාසයේ දී ද ආහාර සුරක්ෂිතතා සති සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දියත් කරනවා. මෙවර තේමාව වන්නේ ““සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු යන්නයි.” මෙම සතිය තුල දී සදුදා, අගහරුවාදා සහ බදාදා යන දිනවල දී ආහාර පරිහරණ කරන ආයතන, ආහාර කර්මාන්ත, හෝටල්, බේකරි, සිල්ලර කඩ, තේ කඩ, සුපිරි වෙළෙදසැල් පරික්ෂා කිරීමට නියමිතය. බ්‍රහස්පතින්දා දිනවල රජයේ ආයතන, දුරගමන් සේවා බස් රථ නැවතුම් ආපන ශාලා, කර්මාන්ත ශාලා ආපන ශාලා, රාත්‍රී කඩ, වීදි කඩ පරීක්ෂා කිරීමට නියමිත අතර, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල දී සෞඛ්‍ය ආයතන, වෙනත් රජයේ ආයතන, පාසල් සහ ප්‍රජාව දැනුවත් කිරීමට නියමිතය. මෙම සතිය තුල දී භාවිතයට නුසුදුසු ආහාර සොයාගත් පසු ඒවා විනාශ කිරීමටත්, නීතිමය පියවර ගැනීමටත් කටයුතු යොදා ඇත. වෙළෙද සැල් හිමියන් සහ ආහාර පරිහරණය කරන්නන් දැනුවත් කරන අතර, පාරිභෝගිකයාට සුරක්ෂිතව ආහාර පිළිගැන්වීම ද ක්‍රියාත්මක වෙයි. මෙහිදී ආහාර අතින් නොඅල්ලා කිසියම් උපකරණයකින් පාරිභෝගිකයාට ලබාදිය යුතු වෙනවා. හෝටල් සහ ආපන ශාලා ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කර ඇති අතර, ඉදිරියේ දී තවත් නීති රීති ගෙනඒමට අපි තීරණය කර තිබෙනවා.”යැයි අමාත්‍යවරයා කියා සිටියේය.

 

 

Post Views: 6
Previous Post

ඡන්දේ දෙනවාද නැද්ද අවසන් තීන්දුවක් නෑ ..! පරදින්නේ නෑ …! 

Next Post

විල්පත්තු බොරුවට විරුද්ධව රිෂාඩ් සටන් කරයි

editor

editor

Next Post

විල්පත්තු බොරුවට විරුද්ධව රිෂාඩ් සටන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved