27 April 2024
#දේශීය

ඡන්දේ දෙනවාද නැද්ද අවසන් තීන්දුවක් නෑ ..! පරදින්නේ නෑ …! 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (02) පස්වරුවේ පැවැති අයවැය සම්බන්ධ සාකච්ඡාවේදී අවසන් තීන්දුවක් නොගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ අයවැයට ඡන්දය ලබා දීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගත් බවත් එය හෙට (04) දින පස්වරුවේදී පැවැත්වෙන සාකච්ඡාවේදී බොහෝ විට ගැනීමට හැකි බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම පොදු ජන පෙරමුණ ද එක්ව අයවැය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හෙට දිනයේදී සැලසුම් කර ඇති බව අමරවීර මහතා කියා සිටියේය. තව එම සාකච්ඡාවේදී විවිධ අදහස් මත පල වු අතර එයින් ද ජනාධිපතිවරයා හා අනෙකු මන්ත්‍රීවරුන් කිසිදු අවස්ථාවකදී අවසන් තීන්දුවක් ගැනීමට අවශ්‍ය නොවු බව හෙතෙම පැවසිය.

මෙවර අයවැය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනාගේ සහාය ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී , වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසිය. මන්ත්‍රීවරයා ද අප වෙත කියා සිටියේ කුමන බාධා පැමිණිය ද මෙවර අයවැය ජයග්‍රහණය කිරීමට සියළු දෙනාගේ සහාය ලැබෙනු ඇති බවයි. විපක්ෂය අභියෝගයක් නොවන බව ඔහු වැඩිදුරටත් අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *