• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එළැඹෙන ජනාධිපතිවරණයට ශක්තීමත් ජනවරමක් – ඇමැති පාඨලි

12 April 2019
in දේශීය

ශක්තිමත් ජනවරමක් එළඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ලබාගැනීමට කටයුතු කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එළඹෙන සිංහල හා හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් තම ෆේස් බුක් පිටුවට සුභ පැතුම් පණිවිඩයක් එක් කරමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘රටේ කසළ කළමනාකරණයේ විප්ලවීය පරිවර්තනයක් ඇතිකර ගනිමින් විද්‍යාත්මක කසළ රඳවනයක් ඉදිකරන්න අපට හැකිවුණා. රටටම ගැලපෙන කසළ රඳවනයක්. නොයෙක් ආගමික උම්මත්තවාදීන් තමන්ගේ ඒ අන්තවාදී අදහස් හරහා මේ කසළ රඳවනය නතර කිරීමට තමන්ගේ දේශපාලන බල පරාක‍්‍රමය පාවිච්චි කිරීමට උත්සාහ කළත් අක්කර දහස් ගණනක පරිසර විනාශයන් කරමින් කෙළින්ම ජාතිවාදි ආගමික කඳවුරු ලෙස යම් යම් දේවල් ගොඩනැගීමට උත්සාහ කරන අය මෙයට එරෙහි උනත් මේ රටේ රාජ්‍ය නායකත්වයට කොන්දක් තියෙන්න ඕනේ දැන් මේ කසළ රඳවනය මේ රටතුළ මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කරන්න. මොකද අපි ඒකේ කරන්න පුළුවන් බැරැරුම්ම කොටස අපි ඉෂ්ඨ කර තිබෙනවා. ඒක නිර්මාණය කර තිබෙනවා. මම හිතනවා ඒක ලොකු ආදර්ශයක් මේ රටට අපි ලබාදීපු. කොළඹ නගර සභාවේ, බස්නාහිර පළාත් සභාවේ, පළාත් පාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළු දෙනාගේ ජාතික වගකීම එම විද්‍යාත්මක කසළ රඳනය ක්‍රියාත්මක කිරීම අන්තවාදී කල්ලි කණ්ඩායම්වලට යට නොවී.

ඒ වගේම උතුරේ නෙල්ලඅඩි මධ්‍ය විද්‍යාලයේ සිට දකුණේ දික්වැල්ල විජිත විද්‍යාලය දක්වා මේ රටේ උසස් අධ්‍යාපනය හරහා ඉදිරියට ආපු දැන උගතුන්ට වෘත්තීයවේදීන්ට මේ රට භාර කිරීමට අපි මේක වැඩපිළිවෙලක් බවට පත් කරනවා. පසුගියදා අවසන් කළ අපගේ මෙගා මයින්ඞ්ස් වැඩපිළිවෙලට දායක උනා විසි දහසකට අධික වෘත්තීයවේදීන් මේ රට පුරාම. ඒ හැම කෙනාගේම ප‍්‍රාර්ථනාව අලූත් රටක්, අලූත් බිමක් මේ රට තුළ ඇති කිරීමයි. ඒ නිසා අපි මේ වසරේ අධිෂ්ඨානය රට හැර යන වෘත්තීයවේදීන්ට, මේ රටට සේවය කරන්න, රටයන දැන උගතුන්ට මෙරටට සේවය කරන්න පමණක් නෙමෙයි මේ රටට නායකත්වය දෙන්න, පවුල්වාදයත්, ගජමිතුරුවාදයත් පරාජය කර, රටක් මේ එළඹෙන වසරෙදී, ඒ අනුව 2019 අප්‍රේල් සිට 2020 අප්‍රේල් දක්වා වූ තීරණාත්මක වසරේදී ඉටු කරන්න. ඒ සඳහා රාජපක්ෂ ජුන්ටාවේ කුමන්ත‍්‍රණය පරාජය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ජයග‍්‍රහණ ලබාදීම සඳහා අපි කැපවෙන බව 2015 දී අපට දුන් ජනවරම සමහරුන් පාවා දෙමින්, ඒ ජනවරමට මුවා වෙලා රටේ ජාතික ධනය මංකොල්ල කෑමට හොරුන් ආරක්‍ෂා කිරීමට ආර්ථිකය ඉදිරියට ගෙනයෑම වැලැක්වීමට නොයෙක් ක්‍රියා මාර්ග ගත්තත්, ජනතාවට අපි යුතුකම් ඉටු කරමු. ඒ ජනතාවගේ ප‍්‍රාර්ථනා ඉදිරියට ගෙන යමින් වඩාත් ශක්තිමත් ජනවරමක් එළඹෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරට ලබාගැනීමට අපි කටයුතු කරන බව ප‍්‍රකාශ කරමින් අපිත් එක්ක මේ සඳහා අත්වැල් බැඳ ගන්න, එකතු වෙන්න, නායකත්වය ගන්න කියලා මේ රටේ ප‍්‍රබුද්ධ මහජනතාවට අපි ආරාධනා කරනවා.

 

Post Views: 16
Previous Post

ශ්‍රී ලංකාව සදහා සෞඛ්‍යාරක්ෂිත ඇස්බස්ටොර්ස් තහඩු වර්ගයක්

Next Post

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට IDA වෙතින් ඇ. ඩො. මි. 125 ක ණයක්

editor

editor

Next Post

දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීමට IDA වෙතින් ඇ. ඩො. මි. 125 ක ණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved