• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළන්නේ පැණි කන්නයි – ඇමැතිනි තලතා කියයි

14 February 2019
in දේශීය

ඒකාබද්ධ විපක්ෂය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ අද (14) පෙරවරුවේ රත්නපුර ප්‍රදේශයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවේදියෙකු යොමු කළ ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තියෙනවා මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා මේ පිළිබදව අදහස් විමසීමේදිය.

එහිදී අමාත්‍යවරිය කියා සිටියේ ” පොහොට්ටුව කියා ගන්නා ඒකාබද්ධ විපක්ෂයේ හිටපු ඇමතිවරියක් කියලා තිබුණා පසුගිය දවසක මේ ආණ්ඩුව පැණි කන්නේ තව දවස් ගණනාවයි කියලා.හැබැයි ජනතාව දන්නවා මේ හොර නඩය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරයි කියලා.ඒ ගොල්ලන්ගේ ඉතිහාසයේම කරලා තියෙන්නේ රාජපක්ෂ ඇතුළු හොර නඩයේ පැණි ගොට්ටේ රස බලපු එක විතරයි .මට කියන්න තියෙන්නේ පැණිවල රස දන්න නිසා මේ ගොල්ලන්ට ආණ්ඩු බලය නැතිව ඉන්න බැහැ.දුප්පතා වෙනුවෙන් නෙවෙයි මේ අය වැඩ කළේ රාජපක්ෂ පරිම්පරාවට විතරයි මේ හොර නඩය වැඩ කළේ.මේ අය වැඩ කළේ රාජපක්ෂ පවුලත් ඔවුන්ට එහෙයි කියා ගන්නා පිරිසකගේ බලය වැඩි කර ගන්න විතරයි.

ඔය කියන පොහොට්ටුවේ අයට මම කියන්නේ 94 ඉදලා 2014 ට සාපේක්ෂව අවුරුදු 20 ක කාලයක් කරන්න බැරිවුනු වැඩ කොටසක් පසුගිය කාලය තුළ අපි කරලා තියෙනවා.මේ අයට ලොකු අභියෝගයක් වෙලා තියෙනවා අපේ අග්‍රාමාත්‍යතුමාත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාත් .ඒ නිසා බොරුවට කෑ ගහනවා. චෝදනා කරනවා.මේ රට ගොඩ නගන්න බැහැ කියලා .ඒ නිසා විවිධ කුමන්ත්‍රණ කරනවා .මේ අයට රාජපක්ෂ වරුන්ගෙන් හැර වෙන විකල්පයක් නැහැ වෙන නායකයෙකුත් නැහැ .ඒ නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ. බලයේ හිටිය කාලයේදී ඔය කෑ ගහන අයගෙන් මට අහන්න තියෙන්නේ මොනවාද කළේ කියලා.අපි කිරිත් කනවා පැණිත් කනවා හැබැයි ජනතාවටත් දීලා .පැණිවල රස දන්න නිසා මේ අයට පැණි කන්න බැරිව හිත් වේදනාවෙන් ඉන්නේ.අපි අපේ රජය පෞද්ගලකිව පැණි කන්නේ නැහැ.ජනතාවට සේවය කරනවා. අපිට කියන්න තියෙන්නේ මේ අයට ගොඩාක් කල් හීන දකින්න වෙයි.තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න. අහිංසක මිනිස්සුන්ට හොදක් වෙනවා නම් කමක් නැහැ නමුත් මේ අයට ඕන වෙලා තියෙන්නේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගන්න යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

 

 

Post Views: 14
Previous Post

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි – කථානායක කියයි

Next Post

ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් – ඇමැති මංගල

editor

editor

Next Post

ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් - ඇමැති මංගල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved