• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කඩුවෙල ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරන්න ඇමති විමල්ගෙන් පියවර රැසක්

22 March 2020
in සංවර්ධන

මෙම අවදානම් මොහොතේ පැන නැගී ඇති ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතා ඇතුළු කඩුවෙල ජනතාවගේ සියලු දුෂ්කරතා හැකිතාක් අවම කිරීම වෙනුවෙන් පියවර රැසක් ගැනීමට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය, කඩුවෙල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ හිටපු සභාපති විමල් වීරවංශ මහතා කටයුතු කර තිබේ.

ඒ, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න, කඩුවෙල ප්‍රාදේශීය ලේකම් යෂිකා ආනන්දනී, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්, කඩුවෙල නාගරික කොමසාරිස් සංජීව බන්දුකීර්ති හා නවගමුව, අතුරුගිරිය, තලංගම පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (21) පස්වරුවේ කඩුවෙල මහ නගර සභා ශාලාවේදී පැවැති විශේෂ රැස්වීමකදී මීට අදාළ තීරණ ගෙන තිබේ.

ඒ අනුව එළඹෙන සඳුදා සිට එනම් හෙට (23) සිට කඩුවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ජනතාවට 0763769035 හෝ 0710402905 යන දුරකථන අංක ඇමතීමෙන් සමුපකාර ප්‍රාදේශික අලෙවිසැල් මගින් තමන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සෞඛ්‍යාරක්ෂිතව නිවසටම ගෙන්වා ගත හැක. භාණ්ඩ භාර ගන්නා අවස්ථාවේදී මුදල් ගෙවීමේ පහසුකම ද ඒ සමඟ සලසා දී ඇත.

තවද මෙම තීරණ මගින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ පූර්ණ අධීක්ෂණය සහිතව, නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ සැකසූ ජංගම අලෙවි රථ මගින් බේකරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍ය උදේ සහ සවස, එනම් දිනකට දෙවරක් තම නිවසේ සිටම මිලදී ගැනීමේ අවස්ථාව ද කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට හිමිවනු ඇත.

එසේම රට තුළ මතුව ඇති මෙම අවදානම් තත්වය හේතුවෙන් තම දෛනික ආදායම් මාර්ග අහිමිව ඇති කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු පවුල් වෙත වියළි ආහාර මල්ලක් ලබාදීමට ද කටයුතු යොදා ඇත. දැනටමත් ඊට අදාළ ලැයිස්තු ග්‍රාම නිලධාරීවරුන් විසින් සකස් කරමින් පවතී.

 

දිලිනි සමන්මලි

Post Views: 7
Previous Post

සියලුම ගුවන්යානා හා නෞකා මෙරටට ඒම නවත්වයි

Next Post

කොරෝනා උවදුරෙන් මිදෙන්න නිසි පිළිවෙත් අකුරට පිළිපදින්න

editor

editor

Next Post

කොරෝනා උවදුරෙන් මිදෙන්න නිසි පිළිවෙත් අකුරට පිළිපදින්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved