• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ක්‍රිඩකයෙකුගේ විනය ඉතා වැදගත් – රට හැර යන ෂෙහාන්ගේ ප්‍රකාශයට තිසරගෙන් පිළිතුරු

18 January 2021
in දේශීය

ක්‍රිකට් කණ්ඩායම සoචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සියළු දෙනා බැදී සිටින බවත් ෂෙහාන් විසින් තමාට එල්ල කරන ප්‍රකාශය තරයේ හෙලා දකින බව ක්‍රිකට් ක්‍රිඩක තිසර පෙරේරා පවසයි.

ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ ෂෙහාන් විසින් සිදු කරන ප්‍රකාශය සම්පුර්ණ වැරදි ප්‍රකාශයක් බවත් එය අසත්‍ය වශයෙන් මෙසේ පහත සඳහන් කර ඇත.

මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිලිබද වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කලා.

ඔහු සදහන් කල කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවනි දේ පිලිබදව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිලිගත් සම්ප්‍රදාය නොවුනත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබදව සත්‍ය ප්‍රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නොමැත.

2017 ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහූගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබිණ.

එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කලෙමි. එයට හේතුව කන්ඩායමක් තුල ආරක්ෂා කලයුතු විනයයි (Discipline). කණ්ඩායම සමග සoචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදීසිටී . .

මා එදා එයට එකගවූවේ නම් සහය අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබිණ. නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුල තබා ගැනීමට ඉඩ දීම ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී ක්‍රියාවකි.
මේ කතාවේ සත්‍ය මෙපමණයි.

කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නැත. විනය යනු කණ්ඩායමක් තුල තිබුය යුතුම දෙයකි. වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කන්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරයි.

හැමදේම දක්ශතාවය මත පමණක්ම තීරනය නොවේ. මා එදා ඉටු කලේ මාගේ යුතුකම හා වගකීමයි.

අපගේ ඡේෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම ; බිරිද , දරුවන් හැර වෙනත් පිටස්තරයින් සoචාරයක් තුල හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසි වලට මෙන්ම සදාචාරයටද පටහැනිය.

ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගරයට( Players’ Dressing Room) ඇතුල්වීමට කිසිම අවසරක් නැත. එය වෙන්වන්නේ ක්‍රිඩකයින්ට හා කණ්ඩායමේ කලමනාකාරිත්වයට පමණයි. අප හැම දන්නා හා ගරුකරන නිතීය එයයි. මේ තීරණ මා හා කන්ඩායම් කලමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක කිසිසේත්ම මාගේ බිරිද විසින් ගත් තීරණ නොවේ. ඔහු විසින් නම් කර ඇති ක්‍රිඩකයින් ගෙන් මාගේ බිරිද එවැන්නක් ඔවුන් හට පැවසූවාද නැද්ද යන්න හොදම පිලිතුර ඇත්තේ ඒ ක්‍රිඩකයින් ලගයි.

ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇත.

එසේම පුද්ගලික කාරණාවක් පිලිබදව අදහස් ප්‍රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිමි . . .

මොහු පවසන පරිදි , මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනුගාටුවට කරුණකි. නමුත් එය කිසීසේත් එලෙස සිදු නොවූවකි.
කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි.
– තිසර පෙරේරා –

Post Views: 8
Previous Post

ප්‍රශ්ණ විසදෙන තෙක් පාරම්පරික වගාවන්ට පුර්ණ අනුමැතිය – ජනපති

Next Post

ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමටත් හා නව නීති හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති කංචන කියයි

editor

editor

Next Post

ඉස්සන් වගාව ව්‍යාප්ත කිරීමටත් හා නව නීති හදුන්වා දීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමැති කංචන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved