• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාටත් පිළිගන්න පුළුවන් එකම නීතියක් ඕන බව බැසිල් කියයි

26 June 2019
in දේශීය

ජාතියක් ලෙස එකට සිටිමින් එකම රටක් ලෙස ඉදිරියට යාමට නම් කාටත් පිළිගත හැකි එකම නීතියක් අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ අද (26) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී මුස්ලිම් උලමා පක්ෂයේ නියෝජිතයින් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා පොදුජන ප්‍රමුඛ රජයක් මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ඉදිරි මැතිවරණ වලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සෙසු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමේ වැඩපිළිවෙළ යටතේ අද දිනයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්සත් ලංකා පොදුජන පක්ෂය, මුස්ලිම් උලමා පක්ෂය, ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ අතර විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා ” ඉදිරි සතියකදී අපි අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය ජනතාව ඇසුරින් සකස් කරන්න අපි තීරණය කළා. ඒ අනුව ගම සමග පිළිසදරක් වැඩසටහනක් ගම් මට්ටමින් අදහස් හා යෝජනා එකතු කරමින් තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව කටයුතු කරපු දේශපාලන පක්ෂ වල අදහස් යෝජනාවලියට එකතු කරන්න තීරණය කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රදේශයකට ආගමකට ජාතියකට සීමා වුන පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂයට අවුරුද්දකටත් වඩා අඩු වයසක දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන්න හැකිවුණා. මේ වන විට ලංකාවේ වැඩිම මහජන නියෝජිතයින් ප්‍රමාණයක් ඉන්නේ අපේ පක්ෂයට. රට පුරාම මහජන නියෝජිතයින් 4000 කට වැඩි ප්‍රමාණයක් අපිට ඉන්නවා. මහජන නියෝජිතයින් වැඩි වීමත් සමහර වෙලාවට ප්‍රශ්නයක්. දරුවෝ වැඩි උනාම පාලනය කරගන්න අමාරුයි. ඒවුනත් අපි නිසි විනයක් සහිත පක්‍ෂයක්. එනිසා අපිට ඒ අය මෙහෙයවීම අමාරු නැහැ. අපේ පක්ෂයේ කිසිම ජාතියකට ආගමකට ප්‍රදේශයකට සීමා කරලා නැහැ. රටේ හැමෝමටම එක නීතියක් තිබිය යුතු බවයි අපේ අදහස. ජාතියක් විදියට එකට ඉන්න එක නීතියක් අවශ්‍යයි. අනාගතයේ රටේ පාලනය ගැන ඉන්න පක්ෂයක් විදිහට රටේ සාමකාමී පරිසරයක් අපි බලාපොරොත්තු වෙනවා. එල්ටී. ටී ඊ සංවිධානයෙන් රට බේරාගෙන ආරක්ෂාව තහවුරු කිරීම නිසයි ශීඝ්‍ර සංවර්ධනයක් කරා රට ගෙන යන්න හැකිවුණේ. අපි ආණ්ඩුව භාර ගන්න කාලේදී රටේ ජාතිවාදී අරගල තියෙනවා නම් බලාපොරොත්තු වන සංවර්ධනය කරා යන අපට බැහැ .ඒ නිසා පාස්කු ඉරිදා සිද්ධිය වැනි සිදුවීම් රට තුළ නැවත සිදුවෙනවා දකින්න අපි කැමති නැහැ.බේරුවල සිද්ධිය අවස්ථාවේදී ඊට මැදිහත් වෙලා සිද්දිය සමථයකට පත් කරන්න අපට හැකි වුණා.සියලු තොරතුරු තිබිලත් පාස්කු ඉරිදා සිද්ධිය නතර කරගන්න වත්මන් රජයට නොහැකි වුණා.ආණ්ඩුව මෙයට වගකිව යුතුයි. නමුත් ආණ්ඩුව උත්සාහ කරන්නේ එහි වගකීමත් අප පිට පටවන්න. නීතිය ක්‍රියාත්මක කරන ආයතන අධිකරණය හමුදාව මේ හැමදේම තියෙන්නෙ ආණ්ඩුව ලග. මුස්ලිම් ජනතාවගෙන් කීප දෙනෙක් කරපු දෙයකට සමස්ත මුස්ලිම් ජනතාව වගකිව යුතු නැහැ.ඒ වගේම පොහොට්ටුවේ කිහිප දෙනෙක් කරන වැඩ වලට වැඩවලට සම්පූර්ණ පොහොට්ටුව වග කියන්න අවශ්‍යත් නැහැ. යුද්ධයෙන් පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ එවකට රජය මුස්ලිම් ජනතාව වෙනුවෙන් කළ සේවය වචනයෙන් කිව නොහැකි බව එහි දී සඳහන් කළ මුස්ලිම් උලමා පක්ෂයේ නායක මුබාරක් අබ් මජීඞ් මහතා ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පෙරමුණ සමඟ එක්ව කටයුතු කරන බව එහිදී  බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කලේය.

Post Views: 6
Previous Post

වන්දි පිළිබඳ ගැටළු ඇතිනම් දැනුම් දෙන්න දුරකතන අංක අගමැති කාර්යාලයෙන්

Next Post

බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණය තුළින් මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනය ද ආරක්‍ෂා කරනවා – අගමැති

editor

editor

Next Post

බුදු පුත් සුරක්‍ෂා රක්‍ෂණය තුළින් මහා සංඝරත්නයේ මෙන්ම බුද්ධ ශාසනය ද ආරක්‍ෂා කරනවා - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved