• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාන්තාවන්ට වෙන්වු දුම්රිය මැදිරි සේවාව අද සිට

8 March 2019
in සංවර්ධන

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද (08) සිට ආරම්භ විය. ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව එහි ජාතික උත්සවය අද උදෑසන ‍පැවැත්වුණේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී වේ.

ඒ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද මේ අවස්ථාවට එක් වූහ.

කාර්යාලීය වේලාවන්හිදී ශ්‍රී ලංකා දුම්රිය සේවාව භාවිත කරන මගීන්ගෙන් සියයට පනහකට අධික ප්‍රමාණයක් කාන්තාවන් බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය කළ සමීක්ෂණයකදී මේ වන විට හෙළිව තිබේ. එම සමීක්ෂණයේදී වැඩිදුරටත් අනාවරණය වූයේ දුම්රිය මැදිරි තුළදී වයස් සීමාවන් නොතකා සියලුම කාන්තාවන් විවිධාකාරයේ මානසික සහ ශාරීරික පීඩාවන්ට ගොදුරු වන බවයි. එම තත්ත්වය සහ කාන්තාවන් කළ ඉල්ලීම්ද සැලකිල්ලට ගෙන කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව ආරම්භ කිරීමට පියවර ගත් බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය “අපි පාසල් යන කාලයේදී කාන්තාවන් සඳහාම වෙන් වූ දුම්රිය මැදිරි සේවාවේ යොදවා තිබුණා. නමුත් පසුකාලීනව එම මැදිරි සේවාව නැතිව ගියා. නමුත් දැන් නැවත වරක් බොහෝ අයගේ ඉල්ලීමක් තියෙනවා කාන්තාවන් සඳහාම වෙන්වූ මැදිරි සේවාවක් පවත්වාගෙන යන්න කියලා. ඒ අනුව තමයි අද අපි මේ සේවාව ආරම්භ කළේ. මේ මැදිරි සඳහා කාන්තා දුම්රිය ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබෙනවා. නමුත් මම මෙතැනදී එක් දෙයක් අවධාරණය කරනවා. අපි කාන්තාවන්ට විශේෂයෙන්ම ගරු කරන ජාතියක්. රටක්. අපි අම්මට කියන්නේ ගෙදර බුදුන් කියලා. අපිට වගකීමක් තියෙනවා අපිට ජීවය දෙන කාන්තාව ආරක්ෂා කරන්න. ඒ වගකීම තමයි අද අපි මේ ඉටු කරන්නේ. කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි හඳුන්වා ‍දීමේ ව්‍යෘපෘතිය සිදුවන්නේ අදියර කිහිපයක් යටතේ වේ. එහි පළමු පියවර යටතේ අද සිට කාර්යාල වේලාවන්හිදී ධාවන කෙරෙන දුම්රිය හතක් සඳහා එම මැදිරි එක් කර ඇත. ඒ අනුව අලුයම පහට මාතරින් කොළඹටත් සවස 4.40ට කොළඹින් මාතරටත් ගමන් කරනා සාගරිකා දුම්රිය, අලුයම 04.20ට ගාල්ලෙන් කොළඹටත් පස්වරු 05.20ට කොළඹ කොටුවෙන් ගාල්ලටත් ගමන් කරනා සමුද්‍රදේවි දුම්රිය මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාන්තා මැදිරි එක්කළ දුම්රිය වේ. පෙරවරු 04.45ට මහව දුම්රිය ස්ථානයෙන් කොළඔ කොටුව දක්වා ධාවනය ආරම්භ කෙරෙන මහව කාර්යාල දුම්රිය සඳහාද කන්තාවන් සඳහා වන දුම්රිය මැදිරියක් වෙන් කර ඇත. මෙම දුම්රිය කොළඔ කොටුවෙන් පස්වරු 06.00 ට මහව දක්වා ගමන් කරනු ඇත.

පෙරවරු 04.30ට බංගදෙනිය – පුත්තලම සිට කොළඹ කොටුවටත් පස්වරු 05.14 ට කොළඔ කොටුවෙන් පුත්තලමටත් ධාවන කෙරෙන බංගදෙනිය දුම්රිය, පෙරවරු 05.57 ට රඹුක්කන සිට කොළඔ කොටුවටත් පෙරවරු 05.57 ට කොළඹ කොටුව සිට රඹුක්කනටත් ධාවන කෙරෙන රඹුක්කන දුම්රිය, පෙරවරු 05.25ට මීරිගමින් කොළඹ කොටුවටත් පස්වරු 05.25ට කොළඹ කොටුවෙන් මීරිගමටත් ධාවන වන මීරිගම දුම්රියද කාන්තාටම වෙන්වූ දුම්රිය මැදිරි එක්කළ දුම්රිය වේ. ඉදිරියේදී ලැබෙන ඉල්ලීම් සහ අවශ්‍යතාව මත තවත් දුම්රිය සඳහා කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි එක් කිරීම දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේක්ෂාවයි. එහි සාර්ථකත්වය මත මෙම සේවාව බස්රථ ප්‍රවාහන සඳහාද ඉදිරියේදී හදුන්වා දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම ජාතික උත්සවයට දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් එක් වූහ.

Post Views: 27
Previous Post

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ

Next Post

කුඩු ගෙන්වන, බෙදන, බොන අයට බෙහෙත් තුනක් දෙනවා – යුද හමුදාපති

editor

editor

Next Post

කුඩු ගෙන්වන, බෙදන, බොන අයට බෙහෙත් තුනක් දෙනවා - යුද හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved