• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාන්තාව නැතිව රට දියුණු කරන්න බෑ – අගමැති

27 March 2019
in දේශීය

රටේ බහුතරයක් වන කාන්තාවන් දේශපාලන, ආර්ථික හා සමාජයීය වශයෙන් සෑම අංශයකින්ම බලගැන්වීම සඳහා වත්මන් රජය මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බවත්, කාන්තා දායකත්වය නොමැතිව රටේ ආර්ථිකය දියුණු කළ නොහැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) අරලියගහ මන්දිරයේ පැවැති කාන්තා උත්සවයක් අමතමින්. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යාංශය යටතේ පිහිටුවා ඇති සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම සම්මේලනය පැවැත්විණි.

ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය වැඩි කිරීම සඳහා එක්සත් ජාතික පක්‍ෂය එදා පියවර ගත් අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඊට විරුද්ධ වුවත්, අද වන විට කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එය කාන්තාවන් ලැබූ විශාල ජයග්‍රහණයක් බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” ආණ්ඩුවක් වශයෙන් කාන්තාවන්ට බලය ලබාදීම සඳහා වැඩිම වැඩි ප්‍රමාණයක් කළේ අපේ ආණ්ඩුව විසින්. ඒ අපේ ප්‍රතිපත්තියයි. මේ රටේ ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන්. එවිට ගම් මට්ටමින් ද බහුතරයක් හා සුළුතරය අතර වෙනසක් තිබෙනවා. මේ රටේ කාන්තාවන් බලගැන්වීම සඳහා වැඩිම වැඩ කොටසක් සිදු කර තිබෙන්නේ අපේ ආණ්ඩුවයි. රටේ බහුතරයක් වන කාන්තාවන්, දේශපාලන, ආර්ථික සහ සමාජයීය ඇතුලූ සියලූ අංශයන්ගෙන් බලගැන්විය යුතුයි. එහි එක් පියවරක් ලෙස අපි ප්‍රාදේශීය සභා මට්ටමින් කාන්තා නියෝජනය ඉහළ දැමුවා. එම අවස්ථාවේ ඊට බොහෝ දෙනා විරුද්ධ වුණත් කෙසේ හෝ කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමට අපට හැකි වුණා. එම කාන්තා නියෝජනය නිසා අද බිම් මට්ටමින් එක් එක් පක්ෂවලට අයට කාන්තා නියෝජිතවරියන් රැසක් බිහිවී සිටිනවා. එය බලපෑමක් ඇතිකළ හැකි සංඛ්‍යාවක්.

ඉන් එක් ක්‍රමයක් ලෙස මෙම “ධනාභිමානි” වැඩසටහන හඳුන්වා දිය හැකියි. මේ යටතේ ව්‍යාපාරික කාන්තාවන් 4000 ක් පමණ බිහි වෙනවා. ඒ තුලින් ඔබ සාර්ථක විය යුතුයි. අපි ඔබට අවශ්‍ය උපකාර ලබාදෙනවා. එසේම ලෝක බැංකු ආධාර යටතේ රට පුරාම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කිරීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. කාන්තාවන් ඊට සම්බන්ධ කර ගැනීමත් තම දරුවන් ඊට ඇතුලත් කර ගැනීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

තුන්වන පියවර වශයෙන් මෙවර අයවැය යටතේ විදේශ රැකියාවල නිරත වූවන්ට නිවාස ණය ලබාදීමට ද අපි ක්‍රියා කරනවා. බහුතර කාන්තාවන් මැද පෙරදිග යන්නේ මුදල් උපයා ගැනී සඳහායි. ඒ නිසා සහන ක්‍රමයකට නිවාස සාදා ගැනීම සඳහා මුදල් ලබා දෙනවා. මේ මම සඳහන් කළේ මගේ මතකයට නැගුණු වැඩසටහන් තුනක් ගැන පමණයි. තවත් වැඩකටයුතු රාශියක් තිබෙනවා.
මෙරට ශ්‍රමිකයන් අතර කාන්තා සහභාගීත්වය අඩු වීම ගැටළුවක්. එය වැඩිකළ යුතුයි. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ප්‍රතිඵල දෙස බැලූ විට කාන්තා සහභාගිත්වය වැඩියි. නමුත් ශ්‍රම බලකාය තුල කාන්තා සහභාගිත්වය ඉතා අඩුයි. මේ තත්වය වෙනස් කළ යුතුයි. රටක ආර්ථික දියුණුක් සඳහා කාන්තා සහභාගිත්වය අත්‍යවශ්‍ය කරුණක්. කෙටි කාලයක් තුල කාන්තාවන්ට දේශපාලන බලය, නියෝජනය ලබාදීමට අපට හැකිවුණා.

කාන්තාවන්ගේ සාධාරණත්වය වෙනුවෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කරනවා. ආර්ථික වශයෙන්ද කාන්තාවන් ශක්තිමත් කරනවා. මෙම ක්‍රියාදාමය ඉදිරි වසර ගණනාවක් තුල ක්‍රියාත්මක කිරීම තුලින් අපට අවශ්‍ය නිසි ප්‍රතිපළ ලබාගත හැකියි. එමගින් ශ්‍රම බලකාය තුල කාන්තා දායකත්වය අඩකට වඩා වැඩිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ, රාජ්‍ය අමාත්‍ය අලිසාහිර් මව්ලානා, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍යාංශ ලේකම්වරු, ව්‍යවසායක කාන්තාවන්, සමෘද්ධිලාභීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

Post Views: 18
Previous Post

මාතරට ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක්

Next Post

භික්ෂුන්වහන්සේලාගේ අයහපත් හැසිරීම් අන්තර්ජාලය පලවීම් ගැන ජනපති කතා කරයි

editor

editor

Next Post

භික්ෂුන්වහන්සේලාගේ අයහපත් හැසිරීම් අන්තර්ජාලය පලවීම් ගැන ජනපති කතා කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved