• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කැබිනට් මණ්ඩලය අහෝසි වී නෑ – අගමැති

11 June 2019
in දේශීය

එක් දිනයක් කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තේරිම් කාරක සභාව පත් කර ලැබුවේ පාර්ලිමේන්තුව විසින් බවයි. එබැවින්, තේරිම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නොමැති බවත් එය පාර්ලිමේන්තුවට අයත් දෙයක් බවයි.

තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුතු නොකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එසේම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අද ජනතාව ‍දේශපාලඥයින් සම්බන්ධයෙන් කළකිරී ඇති බවත් මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් පවසන බව හෙතෙම පැවසිය.

මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

Post Views: 8
Previous Post

කුඩේ ඇල්ලීම ගැන මන්ත්‍රී අරුන්දික කතා කරයි

Next Post

ශ්‍රී ලංකා – බංගලාදේශ ක්‍රිකට් තරඟය වර්ෂාව නිසා ප්‍රසාද ලකුණු හිමිවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා - බංගලාදේශ ක්‍රිකට් තරඟය වර්ෂාව නිසා ප්‍රසාද ලකුණු හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved