27 April 2024
#දේශීය

කැබිනට් මණ්ඩලය අහෝසි වී නෑ – අගමැති

එක් දිනයක් කැබිනට් මණ්ඩලයේ රැස්විම් නොපැවැත් වු පමණින් කැබිනට් මණ්ඩලය අහෝසි වන්නේ නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.  අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේදී පැවැති සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ පැවැති සාකච්ඡාවේදීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ තේරිම් කාරක සභාව පත් කර ලැබුවේ පාර්ලිමේන්තුව විසින් බවයි. එබැවින්, තේරිම් කාරක සභාවේ කටයුතුවලට මැදිහත්වීමට කැබිනට් මණ්ඩලයට කිසිදු හැකියාවක් නොමැති බවත් එය පාර්ලිමේන්තුවට අයත් දෙයක් බවයි.

තමා ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තුවේ ස්වාධිපත්‍යය පාවා දීමට කිසි විටෙකත් කටයුතු නොකරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එසේම නැගෙනහිර හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා මහතා විසින් සිදු කර ඇති ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අද ජනතාව ‍දේශපාලඥයින් සම්බන්ධයෙන් කළකිරී ඇති බවත් මේ 225 දෙනාම ගෙදර යැවිය යුතු යැයි සමහරුන් පවසන බව හෙතෙම පැවසිය.

මෙම සාකච්ඡාවට පූජ්‍ය දඹර අමිල නා හිමි, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු, ආචාර්ය ජෙහාන් පෙරේරා, මහචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර, සමන් රත්නප්‍රිය, පිලිප් දිසානායක ඇතුළු සිවිල් සමාජ සහ වෘත්තීය සමිති නියෝජිතයන් විශාල පිරිසක් සහභාගි වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *