27 July 2024
#ව්‍යාපාර

කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන්න – ඇමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්

මිල්කෝ සමාගමේ දෛනික කිරි නිෂ්පාදනය වහාම ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන ලෙස ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ පැවැති මිල්කෝ සමාගමේ විධායක නිලධාරීන්ගේ හමුවේදිය.

2018 වර්ෂයේ සිට මේ දක්වා දෛනික කිරි එක් රැස් කිරීම ලීටර එක්ලක්ෂ හැත්තෑ දහස ට සීමා වී ඇත්තේ කුමන කාරණයකින්ද යන්න ගැටලුවක් බවත් වහාම කිරි එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන හරහා දෛනික කිරි එක්රැස්කිරීම ත්වුර කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී

කිරි ලීටරයක මිල රු 50 සිට අවස්ථා දෙකකදී රු 70 දක්වා තමන් අමාත්‍ය වරයාව සිටියදී වැඩි කල බවත් කඩිනමින්ම කිරි ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කරමින් කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කල යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය

මේ වසර තුල යෝජිත පුල්මුඩේ එප්පාවල වැලිඔය රඹෑව ඇතුලු නව කිරි ශීත කිරීමේ මධ්‍යස්ථාන හතක් කඩිනමින්ම ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද මහා පරිමාන කිරි ගොවියන්ද මිල්කෝ සමාගමට කිරි සැපයීමට හවුල් කරගන්නා ලෙස නිලධාරීන්ට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී

යෝගටි හා අයිස්ක්‍රීමි නිෂ්පාදනය තුලින් දේශීය කිරි පරිභෝජනය ඉහල දැමීමෙන් කිරි ගොවියා ශක්තිමත් කල හැකි බවද ඒ සදහා සමාගම නිරන්තරයෙන් උනන්දු විය යුතු බවත් 2019 වර්ශයේ ඉලක්ක ගත ආදායමට ද නිලධාරීන්ද ඇප කැප වී වැඩ කලයුතු බව මෙහිදී හෙතෙම පැවැසීය

මෙම අවස්ථාවට මිල්කෝ ආයතනයේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතාද එක්ව සිටියේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *