• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කිරි බොනකොට විතරක් නෙමෙයි දත් මදිනකොටත් රුපියල අවප්‍රමාණය වෙනවා

7 March 2019
in දේශීය

රුපියල් අවප‍්‍රමාණය වන සහ රටේ මුදල් පිටරට වලට ඇදී යන අනවශ්‍ය පරිභෝජන රටාව නවතා ස්වදේශික අනන්‍යතාවය රකින රටට ඔබින පරිභෝජන රටාවක් හඳුන්වා දීම සඳහා පෙරමුණ ගත හැක්කේ මෙරට කාන්තා පරපුරට බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසූයේ ඊයේ (06) දින පැවති ලක්මව දියණියෝ සංවිධානය විසින් පැවැත්වූ ජගත් කාන්තා දින සමරුවේ ප‍්‍රධාන දේශනය පවත්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා ” කිරි පිටි බෙනාකොට විතරක් නොවෙයි දත්ටික මදින විටත් රුපියල අවප‍්‍රමාණය වෙනවා. රටේ හදන සුදන්ත වැනි දත් බෙහෙත් වෙනුවට යුනිලීවර්ස් හදන සිග්නල් පාවිච්චි කරනවා. දත් බුරුසුවත් සිග්නල් – යුනිලීවර්ස්. ‘සිනා බෝ වේවාෟ දැන්වීමට අපි අහුවෙනවා. අපේ සුදන්ත සමාගම වැටෙනකොට යුනිලීවර්ස් එකතු කරගත් සල්ලි ටික බි‍්‍රතාන්‍යයට යනවා. අපි ‘හලෝ’ කියනකොට මැලේසියාවට සල්ලි ටික යනවා. රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙනවා. පාන් සමග පරිප්පු කන විටත් සල්ලිටික වෙනත් රටවලට යනවා, රුපියල අවප‍්‍රමාණය වෙනවා. කන පිගාන චීනයේ, ඒ සල්ලි ටික චීනයට යනවා. රුපියල අවප‍්‍රමාණය වෙනවා. අදින සාරිය ඉන්දියන්, ඒ සල්ලිටිකත් ඉන්දියාවට යනවා, රුපියල අවප‍්‍රමාණය වෙනවා. අර අගමැතිතුමා කියපු එක විතරක් ඇන්දොත් ‘‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ වෙනවා. (සභාවේ සිනා* අපි දෛනිකව කරන වැඩවලින් 70%වකින්ම සල්ලි ටික පිට රටට යනවා. මේක නැවැත්විය හැක්කේ කාන්තාවට. ඔබට තමයි පුළුවන් මේ අනවශ්‍ය පරිභෝජන රටාව නතර කර එය මේ රටට ඔබින පරිභෝජන රටාවකට වෙනස් කිරීමට. මේ විදියට රටකට ඉදිරියට යන්න බැහැ. ස්වදේශිය අනන්‍යතාව බලවත් සේ රකින මහජන ආවේගයක්, අනුරාගී හැගීමක් ඒ සඳහා තිබිය යුතු වෙනවා. එය කිරීමේ හැකියාව, ශක්තිය ඇත්තේ කාන්තා ඔබටයි ” යැයි විමල් විරවංශ මහතා කියා සිටියේය.

 

Post Views: 34
Previous Post

යල කන්නයේ සිට වී මිල ඉහලට – අමාත්‍ය පී. හැරිසන්

Next Post

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ

editor

editor

Next Post

යුද්ධය තුන් වේලට විකුණාගෙන කාපු අය අවුරුදු 20ක් හමුදාවේ දීමනා වැඩි කරලා නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved