• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කුඩේ ඇල්ලීම ගැන මන්ත්‍රී අරුන්දික කතා කරයි

11 June 2019
in දේශීය

ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේදී වර්ෂාව හේතුවෙන් අපේ ජනාධිපතිවරයා ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කුඩේ ඇල්ලු බවත් එයින් ජනාධිපතිවරයාගේ සරළ බව පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය ” පහුගිය දිනක ඉන්දියානු අගමැතිවරයා පැය කිහිපයකට මේ රටට පැමිණියා. ඒත් එක්කම තද වර්ෂාවේ අපේ ජනාධීපතිතුමා ඉන්දියානු අගමැතිවරයාට කුඬේ ඇල්ලුවා.කෙනෙක් කියන්න පුලුවන් අපේ ජනාධිපතිතුමාගේ තියෙන සරලකමයි කියලා. නමුත් කුඩු රාජ්‍යයක් වුනත් අපේ රාජ්‍යය ස්වාධින රාජ්‍යයක්. අපේ අදීනත්වය අනන්‍යතාවය නායකත්වය මේ විදියට ලැජ්ජාවට පත්කිරීම ගැන කණගාටුයි. මීට වගේ අපේ නායකයෝ කල්පනා කරන්න ඕනේ. රට කුඩා වුනත් අපි ස්වාධින රාජ්‍යයක්. සර් ජෝන් කොතලාවල අගමැතිවරයාගේ කාලේ රැජින අපේ රටට ආවා. එ වෙලාවේ එංගලන්තයේ පත්තර අපේ සර් ජෝන් කොතලාවල හැදින්වූවේ දැවැන්ත නායකයෙක් විදියටයි.

පහුගිය දවසක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාව හමුවෙන්න ගල්කුරි කරන පිරිස ආවා. මේ රටට වෙඩි බෙහෙත් ගෙන්වන ප්‍රධාන ව්‍යාපාරිකයින් හත් දෙනාම මුස්ලිම් ජාතිකයින් බව එහිදි අනාවරණය වුනා. ඔවුන් එත්දෙනාගේ බලාධිකාරියක් තියෙන්නේ. මේක ජාතිවාදී වෙන්න ඕනේ නැහැ. ටෙන්ඩරයකින් නියමානුකූලව ඒ දේ කළාට කමක් නැහැ. ප්‍රශ්නයක් බවටපත්වෙලා තියෙන්නේ මේ ගෙන්වන වෙඩි බෙහෙත්වලින් තමයි යම්කිසි ප්‍රමාණයක් පහුගිය දවස්වල අවාසනාවන්ත සිද්ධීයටත් වෙඩි බෙහෙත් ලැබුනේ. මේ තත්ත්වයනියාමනය කරන්න අවස්ථෘ කිහිපයක ආරක්ෂක අමාත්‍යංශය උත්සාහ කරලා තියෙනවා. සිරියල් නම්බරයක්වත් දැම්මානම් කවුද මේ වෙඩි බෙහෙත් ගෙන්වපු කෙනා කියලා හොයා ගන්න තිබුණා. මේ අති භයානකතත්ත්වය සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා ඒ වෙලාවෙම ආරක්ෂක ලේකම්වරයා දැනුම්වත් කළා. වෙඩි බෙහෙත් ගෙන්විම වැනි දෙයක් ටෙන්ඩර් කිරීම අවහ්‍ය නැති බවයි මගේ හැගීම. මේක රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නියාමනය යටතේ තියෙන්න ඕනේ දෙයක්. ව්‍යාපාරයක් විදියට කරනවා නම් නියාමනයක් අවශ්‍යයි. දැන්වත් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙයි කියලා හිතනවා. යැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

Post Views: 13
Previous Post

කොළඹ – හැටන් A – 7 මාර්ගයේ ගමනා ගමනය සීමා කරයි

Next Post

කැබිනට් මණ්ඩලය අහෝසි වී නෑ – අගමැති

editor

editor

Next Post

කැබිනට් මණ්ඩලය අහෝසි වී නෑ - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved